IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ප්‍රංශයේ රසායන ද්‍රව්‍ය ගබඩාවක් ගිනිගනී

ප්‍රංශයේ රොවාන් නගරයේ රසායන ද්‍රව්‍ය ගබඩාවක ඇතිවී තිබෙන ගින්න හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් පැනනැගී ඇතැයි වාර්තා වේ. රොවාන් නගරවාසීන් මේ සම්බන්ධව විරෝධතාවයක් ද ආරම්භ කර ඇති අතර ඔවුන් පවසන්නේ විෂ සහිත දුම දරුවන්ට බෙහෙවින් අනතුරුදායක බවයි.
 
ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍ය ටොන් 5000ක් පමණ මේ වනවිට ගිනිගෙන ඇති අතර ඝන කළු දුමාරයක් අහසට විහිදුවමින් දිගින් දිගටම ගිනි ගනිමින් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
කෙසේ වුවද බලධාරීන් පවසන්නේ ලුබ්රිසෝල් ගබඩාවේ ගින්නෙන් විහිදෙන දුම අනතුරුදායක නොවන බවයි.
නමුත් රජය සත්‍යය සඟවන බවට පරිසරවේදීන් හා ක්‍රියාකාරිකයින් චෝදනා කරති.
 
අවට පාසැල් වල සිසුන්ට ඇතිවූ සංකූලතා හේතුවෙන් පාසැල් වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය. සිසුන් පවසා ඇත්තේ ඇස්වල සහ උගුරේ වේදනාවක් ඇති වන බවයි.
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

ප්‍රංශයේ රසායන ද්‍රව්‍ය ගබඩාවක් ගිනිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site