IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රනාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනපති ලෙස අද දිවුරුම් දෙයි

ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස ප‍්‍රනාබ් මුඛර්ජි අද (25) දිවුරුම් දීමට නියමිතය. කොංග‍්‍රස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ඉන්දියාවේ කෘතහස්ත දේශපාලනඥයකු ද වන 76 හැවිරිදි මුඛර්ජි පාලක කොංග‍්‍රස් පක්ෂයේ හිටපු මුදල් ඇමැතිවරයාය. මුඛර්ජි ජනපති ධුරයට පත් වූයේ පසුගිය 19 වැනිදා පැවැති ජනාධිපති තේරීමේ ඡුන්ද විමසුමෙන් සියයට 70කට ආසන්න වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමත් සමඟය. මීළඟ වසර පහක කාලය පුරා ඔහු ජනපති ධුරයේ කටයුතු කරනු ඇත. පාර්ලිමේන්තු ප‍්‍රධාන ශාලාවේදී ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.30ට ප‍්‍රනාබ් මුඛර්ජි මහතා ජනපති ධූරයේ දිවුරුම්දීමට නියමිත බව එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඉන්දියාවට නව ජනාධිපතිවරයෙක් පත් වූයේ හිටපු ජනාධිපතිනිය ප‍්‍රතිභා පාටෙල්ගේ නිල කාලය ඊයේ (24) අවසන් වීමත් සමඟය. ඉන්දියාවේ ජනපති ධුරයට පත් ප‍්‍රථම කාන්තාව ඇයයි. ඇය එම ධුරයට පත්වුණේ 2007 වසරේදීය. ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ එරට ජනාධිපතිවරයා නාමික රාජ්‍ය පාලකයකු වන අතර ඔහුට වඩා බලතල හිමි වන්නේ අගමැතිවරයාටය.



අදහස් (0)

ප‍්‍රනාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනපති ලෙස අද දිවුරුම් දෙයි

මදූ Wednesday, 25 July 2012 12:40 PM

ඉන්දියාවේ දේශපාලනය හරි නිහතමානී ,බුද්ධිමත් , එයාලා බලයට කුලල්කා ගන්නේ නෑ .බොහෝ දේ‍ ගොඩක් සාධාරණයි...(ස)

:       0       0

අමිල Wednesday, 25 July 2012 07:13 PM

දහතුන නේද? (නි)

:       0       0

මධු Wednesday, 25 July 2012 09:24 PM

මෙහෙම දේශපාලකයන් සිටින තුරු රටට වාසනාවන්! (නි)

:       0       0

දිසා Thursday, 26 July 2012 01:12 AM

අනේ, ඒ කියන්නේ තවත් කෙනෙක් විශ්‍රාම ගත්තා කියන එකනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 40 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site