IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පියාගේ රාජාභිෂේකය හැරීට - මේගන්ට නැති වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ලබන වසරේ මැයි 6 වැනිදා පැවැත්වෙන තුන්වෙනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්, ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

හැරී කුමරු සහ මේගන් මාකෙල් පිළිබඳ පැවති සමීක්ෂණයකදී එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ රාජකීය පදවි නාමයන් ඔවුන්ගෙන් ඉවත් කළ යුතු යැයි විශ්වාස කරයි.

හැරී කුමරු සහ මේගන් රාජාභිෂේකයට සහභාගී වීම තහනම් කළ යුතු බවත් එසේම හැරී කුමරු තවදුරටත් බ්‍රිතාන්‍යයේ රජකම ලබා ගැනීම සඳහා අනුප්‍රාප්තිකයෙකු ලෙස සැලකීම නොකළ යුතු බවත් එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් සියයට 42 ක ප්‍රතිශතයක් විශ්වාස කරන බව ද බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.

හැරී කුමරු සහ මේගන් මාකෙල් රාජාභිෂේකයට සහභාගී වුවහොත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය හැකි යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ.

පසුගිය දා නෙට්ෆ්ලික්ස් අන්තර්ජාල සේවාවේ ආරම්භ වූ හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ වාර්තාමය වැඩසටහන මොවුන්ට මෙලෙස දැඩි විරෝධයක් එල්ල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

 



අදහස් (6)

පියාගේ රාජාභිෂේකය හැරීට - මේගන්ට නැති වේ

sampath Sunday, 11 December 2022 07:36 PM

ඒකට මෙහෙ අපිනම් කියන්නේ පුතා නැතිනම් රජුට එන්න එපා කියලයි...

:       3       13

සුනිමල් Sunday, 11 December 2022 10:27 PM

මෙහෙම දේවල් අනන්ත වෙනවා... මම දන්නා ත්‍රීවීලර් රියදුරෙක් ඉන්නවා... පවුලේ අය හරියට දුප්පත් රියදුරු වැඩෙන් ජීවත්වෙන්න බැරිනිසා එයා පියාගේ නිවාස අසල රසකැවිලි හදන්න ගත්තා... ඒ පුද්ගලයා පවුලේ වැඩිමලා. ඒත් පියා ඉඩම දුන්නේ බාලයා වන ලංගම කොන්දොස්තරට කොන්දා අයියාට කිව්වා අදම මේවා ඉවත්කර ගන්න කියලා ඉතින් අයියාට ඔහුගේ ගෙදරට ගෙනයන්න පාරක් නැහැ. දැන් ඉතින් අයියා කියනවා මට ඔවුන්ගේ ලේ සම්බන්ධයක් නැතුව ඇති.... ඒකනේ මට මෙහෙම කරන්නෙ කියලා දැන් අයියා තමන්ගේ පියා/ මව බලන්න යන්නේ නැහැ ඔහු වැරදියි කියන්න පුළුවන්ද? මේකත් එහෙම එකක් කියලා කියන්න පුළුවන්...

:       11       13

Rajen Sunday, 11 December 2022 11:27 PM

මේගන්ට මානසික ලෙඩක් තියෙනවා.

:       2       5

ජයන්ත Monday, 12 December 2022 06:04 AM

නිවැරැදි වියරණ සහිත පැහැදිලි ලස්සන සිංහලෙන් ලියන විමුක්‌ති එස් රුද්‍රිගු මහතාට ස්තූතියි.

:       3       3

de silva Monday, 12 December 2022 08:55 AM

අපේ රජපවුල් වල එකිනෙකා අතර පොඩි පොඩි ප්‍රශ්න තිබුනට රටේ සාරය සුරා කන්නේ සෙට් එකම එකතුවෙලා.

:       0       8

Naushi Monday, 12 December 2022 11:46 AM

සහතික ඇත්ත. මසුරන් වටින කතාව

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site