IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


පොඩ්ඩන්ට ’ෆයිසර්’ දෙන්නේ මෙහෙමයි

ඇමෙරිකාවේ 'කොවිඩ් 19' එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරමින් එරට අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ද එන්නත් ලබා දීමට සියලු කටයුතු සූදානම් බව ධවල මන්දිරය පවසා තිබේ.

ධවල මන්දිරය මෙසේ පැවැසුවේ කුඩා දරුවන්ට එන්නත් ලබා දීම කළ යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් සෞඛ්‍ය අංශ සහ ළමා රෝග විශේෂඥයන් නිකුත් කළ උපදෙස් මාලාවක් ද ඉදිරිපත් කරමිනි.

අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලැබෙනු ඇත්තේ ද ඇමෙරිකාවේ නිපදවන 'ෆයිසර්' එන්නය. මේ වනවිටත් ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට ලබා දෙන්නේ ද 'ෆයිසර්' එන්නතය. අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම ලබන අට වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

අවුරුදු 5 ත් 11 අතර වයස් කාණ්ඩයේ දරුවන් වෙනුවෙන් තැඹිලි පැහැති මූඩියක් සහිත 'ෆයිසර්' එන්නත් කුප්පි ද, අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා දම් පැහැති මූඩියක් සහිත 'ෆයිසර්' එන්නත් කුප්පි ද 'ෆයිසර්' සමාගම විසින් නිපදවනු ලැබ තිබේ. මෙම වයස් කාණ්ඩ දෙකටම එන්නත් මාත්‍රා දෙක බැගින් හිමිවෙයි. පළමු මාත්‍රාව ලබා දී සති තුනකින් දෙවැනි මාත්‍රාව ලබා දීම සිදුවෙයි.

උපදෙස් මාලාවට අනුව, ලබා දෙන එන්නත් මාත්‍රාව වෙනස් වෙයි. අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ලබා දෙන්නේ යූ.ජී.10 මාත්‍රාවක් වන අතර අවුරුදු 12 ට වැඩි දරුවන්ට ලබා දෙන්නේ යූ.ජී.30 ක මාත්‍රාවකි. යූ.ජී.10 මාත්‍රාව සහිත එන්නත් කුප්පි කහ පැහැති මූඩිය සහිතව ද යූ.ජී.30 මාත්‍රාව සහිත එන්නත් කුප්පි දම් පැහැති මූඩිය සහිතව නිකුත් කෙරෙන බව 'ෆයිසර්' සමාගම අවධාරණය කර ඇත.

අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන් සඳහා භාවිත කරන්නේ 1" ප්‍රමාණයේ එන්නත් කටුවක් වන අතර අවුරුදු 12 ට වැඩි දරුවන් සඳහා 1"ත් 1.5"ත් ප්‍රමාණයේ එන්නත් කටු භාවිතයට ගැනීම කළ යුතු යැයි ඇමෙරිකන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇති අතර, උපදෙස් මාලාවට එය ද ඇතුළත් කර තිබේ.

අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ලබා දෙන එන්නත් මාත්‍රා සති 10 ක කාලයක් සෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර උෂ්ණත්වයක් යටතේ කල් තබා ගැනීම කළ හැකිවන අතර, අවුරුදු 12 ට වැඩි දරුවන්ට ලබා දෙන එන්නත් මාත්‍රා එම උෂ්ණත්වය යටතේ සති 4 ක් කල් තබා ගැනීමට හැකිවන අයුරින් සකසා තිබේ.

අවුරුදු 5 ත් 11 ත් දරුවන්ට එන්නත් ලබා දීමෙන් පසු එන්නත් ලබා දුන් ස්ථානය රතුවීම හෝ ඉදිමීම හෝ සිදුවිය හැකි අතර, අවුරුදු 12 ට වැඩි දරුවන්ට එවැන්නක් සිදු නොවනු ඇතැයි සිදු කළ පර්යේෂණවලදී තහවුරු වී ඇත.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

පොඩ්ඩන්ට ’ෆයිසර්’ දෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site