IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


පිටසක්වලට මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක්

අත්හැර දමන ලද චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා කොටස් වලින් පිරි පෘථීවිය වටා අභ්‍යාවකාශය පිරිසිදු කිරීමේ අරමුණින් ‘මරාගෙන මැරෙන‘ චන්ද්‍රිකාවක් නිපදවීමට බ්‍රිතාන්‍යය ජාතික විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටී.

මේ චන්ද්‍රිකාව   රාත්තල් 6 ක පමණ බරකින් යුතුය.මෙනිසා අභ්‍යාවකාශ ගත කිරීමට වැඩි බලයක්ද අවශ්‍ය නොවන බව මෙය සැළැසුම් කර ඇති විද්‍යාඥ පිරිස කියයි. චන්ද්‍රිකාවට  රුවල් 4කි. මේවා අභ්‍යාවකාශ ගත වනතෙක් පවතිනුයේ හැකිළීය.අභ්‍යාවකාශ ගත කළ පසු මේ රුවල් දිග හැරේ.එම රුවල් ඇලෙන සුළුය.මෙනිසා අභ්‍යාවකාශයේ ඇති අපද්‍රව්‍යය ඒවායේ ඇලීම සිදුවේ.මේ අතරතුරදී චන්ද්‍රිකාව සිය ගමන් වේගය ක්‍රමයෙන් අඩුකරගන්නා අතර එනිසා එය රුවල්හි බැදුනු අපද්‍රව්‍යයත් සමගම පොළවට කඩා වැටීම සිදුවේ.පොළවට කඩා වැටෙන අතරතුර වායුගෝලයේ වේගයෙන් ගැටීම නිසා උණුසුම් වී ගිනිගන්නා චන්ද්‍රිකාව වායුගෝලයේදීම විනාශ වී යන්නේ එහි රුවල් වල ඇලී ඇති අපද්‍රව්‍යයද සමගය.

හෙෘතික විද්‍යා නියමයන්ට අනුව පෘථීවිය වටා අභ්‍යාවකාශයේ ගමන් කරමින් පවතින වස්තූන් වලට අදාළ වේගයක් ඇත.මේ වේගය තීරණය වනුයේ වස්තුවේ ස්කන්ධයත් පෘථීවියේ ගුරුත්වාකර්ෂණ බලයත් වස්තුව පෘථීවියේ සිට පිහිටන දුරත් මතය.කිසියම් අවස්ථාවකදී මේ පෘථීවිය වටා ගමන් කරමින් තිඛෙන වස්තුවක වේගය අඩුවන්නේ නම් එය පොළවට කඩා වැටේ.මෙසේ සිදුවන්නේ එය පෘථීවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසාය.මේ චන්ද්‍රිකාවේද මූලධර්මය මෙයයි.එනම් පෘථීවිය වටා සරනා අපද්‍රව්‍යය හා බැදී

ඒවායේ වේගය අඩුකොට පෘථීවියට කඩා වැටීමට සැළැස්වීමයි.

මේ වන විටත් පෘථීවිය වටා අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය ටොන් 5500 ක් පමණ තිඛෙතැයි ගණන් බලා ඇත.මේවායින් බොහෝමයක් භාවිතයට ගෙන අතහැර දමා ඇති චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ යානා වලින් ඉවත ලා ඇති අපද්‍රව්‍යයන් වේ.මේ අපද්‍රව්‍ය නිසා චන්ද්‍රිකා වලින් තරංග හුවමාරු කරගැනීමේදී නිරන්තරයෙන් බාධා පැමිණේ.අනෙක නම් අභ්‍යාවකාශ යානා පෘථීවියේ සිට අභ්‍යාවකාශ ගත වීමේදී මේ අපද්‍රව්‍යය වල ගැටී විනාශ වීමට ඇති සම්භාවිතාවයි.

මේ චන්ද්‍රිකාව ආධාරයෙන් අභ්‍යාවකාශයේ අපද්‍රව්‍යය ගැටලූව විසදා



අදහස් (0)

පිටසක්වලට මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක්

රුමී Thursday, 02 May 2013 03:28 PM

මරාගෙන මැරෙන චන්ද්‍රිකාවක් නිසා එල්.ටී.ටී.ඊ. 007 කියල නම දැම්මොත් නරකද ? (නි)

:       0       0

යොහාන් Friday, 03 May 2013 12:28 AM

ඔය කතාවම තමා අල කයිඩා එකෙන් කියන්නෙත් සදරුවන්. (නි)

:       0       0

බණ්ඩා Thursday, 02 May 2013 03:41 PM

සදරුවන්, බය වෙන්න එපා. ඔයාට ඔලුවක් නැහැනේ...... (නි)

:       0       0

මුරුගන් Thursday, 02 May 2013 04:15 PM

මේවා කරන්නේ ලොව සුපතල අභ්‍යවකාශ විද්‍යාඥයින් නිසා බිම වැටෙන්න හදන්නේ නැහැ. ඔන්න උතුරු කොරියාව නම් රොකට් බිම දිගේ ඇරියා කියන්න පුළුවන්.සදරුවන්ලා බොරුවට කෑගහන්න එපා ඉරිසියාවට. (නි)

:       0       0

රූපා Thursday, 02 May 2013 04:16 PM

ඔලුවට කඩාවැටෙයි උතුරු කොරියාවෙන් ඇරියොත්.එකක් කඩා වැටුනා නේද ලගදි? (නි)

:       0       0

සදරුවන් Thursday, 02 May 2013 05:20 PM

මුරුගන්ගේ ගම කොහෙද? බලාගෙන මේවා ගොඩක්ම වැටෙන්නේ කැළෑ වලට. (නි)

:       0       0

සදරුවන් Thursday, 02 May 2013 05:24 PM

පරගැතියනි, පර්යේෂණ වලට තව සල්ලි ටිකක් හොයාගන්න තමයි දැන් සිරියාවට ගහන්න හදන්නේ. (නි)

:       0       0

සම්පත් Thursday, 02 May 2013 01:21 PM

ඉතාම හොද වැඩ මේවා ඔලුව උඩ නොවැටී තියේන එඑකයි ලොකුම දේ. (ස)

:       0       0

සඳරුවන් Thursday, 02 May 2013 01:54 PM

ඒකත් අපේ ඔලුවට කඩා වැටෙයිද ?(ස)

:       0       0

සුගත් Thursday, 02 May 2013 02:14 PM

කොහොමද ඒක හොඳ චන්ද්‍රිකාවක ඇලිලා පහළට කඩා වැටුනොත්.. ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site