IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාකිස්තානයේ මාර්ග හිමෙන් වැහිලා

උතුරුදිග පාකිස්තානයේ මාර්ග රැසක ධාවනය වෙමින් තිබූ මෝටර් රථ සිය ගණනක් දරුණු හිම පතනයකට හසුවුණු බවත්,
එම මෝටර් රථවල සිටි 21 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.

හිම තට්ටුවලින් වැසී ගියේ ගියේ පාකිස්තානයේ උතුරු දෙසින් පිහිටා ඇති මුර්ර් නගරය බලා දිවෙන මාර්ග යැයි පැවැසෙයි. මුර්රී යනු කඳුකරයේ පිහිටි නිවාඩු නිකේතනවලින් බහුල නගරයක් වන අතර, මෙය සංචාරක ආකර්ශණයකි.

පසුගිය දින කීපයේ මුර්රී නගරයට මෝටර් රථ ලක්ෂ 5 ක් පමණ පැමිණ ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. එසේ පැමිණි මෝටර් රථ හේතුවෙන් නගරයේ වෙනදාට වඩා වාහන තදබදයක් හට ගත් බවත්, හිම පතනය හේතුවෙන් එම වාහන තදබදය තවත් වැඩිවුණු බවත් පොලිසිය පවසා ඇත.

අධික සීතල හේතුවෙන් මියගොස් ඇත්තේ එසේ පැය ගණනක් මෝටර් රථවල කොටුවුණු පිරිස යැයි ද පැවැසෙයි. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට මෙසේ අධික හිම පතනයක් දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

හිම තට්ටු ඉවත් කිරීමටත්, වාහන තුළ සිරවුණු පිරිස් බේරා ගැනීමටත් හමුදාව යෙදවීමට බලධාරීහු කටයුතු කළහ. මුර්රී නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, මුර්රී නගරය අවට මාර්ග භාවිතයෙන් වළකින ලෙසත් ප්‍රාන්ත බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබුණි.

(රොයිටර්)



අදහස් (0)

පාකිස්තානයේ මාර්ග හිමෙන් වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site