
බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බායි නිවසේ සිටිද්දී, අලුයම 2.30 ට පමණ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළත් කෙරුණු සයිෆ් අලී ඛාන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයකු පහර දීම සිදු කරන්න ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.