
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත.
14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට් ප්රොවෙස්ට්ය. 69 හැවිරිදි මොහු ඇමෙරිකානුවකු වන අතර උපත ලබා ඇත්තේ චිකාගෝ නුවරය.
පාප් ධුරයට තේරී පත් වුණු පළමු ඇමෙරිකන් පාප්තුමා ලෙස ද 14 වැනි ලියෝ පාප්තුමා සැලකෙයි.
ලියෝ පාප්තුමන් ගැන පළමුවෙන් සුබ පැතුමේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඇමෙරිකන් පාප්තුමකු පත්වීම ආඩම්බරයක් බව ට්‍රම්ප් පැහැදිලි කළේය.
ඊට අමතරව, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් ද නව පාප්තුමාට සුබ පැතුවේය. ඒ, සිය සමාජ මාධ්‍ය ගිණුම හරහාය. හිටපු ඇමෙරිකන් ජනාධිපතිවරුන් වන ජෝ බයිඩන් සහ බැරැක් ඔබාමා ද නව පාප්තුමන්ට සුබ පැතීමට අමතක කළේ නැත.
ආජන්ටිනා ජනාධිපති හවියේ මිලේ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, කොලොම්බියා ජනාධිපති ගුස්තාවෝ පේට්‍රෝ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියෝ මොලෝනී, ලෙබනන් ජනාධිපති ජෝසප් එයොන්, මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බාම්, පේරු ජනාධිපති ඩීනා බොලුරේ, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පමණක් නොව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් සාටාර්මර් ද නව පාප්තුමන්ට සුබ පැතුම් එක කළ ලෝක නායකයෝ අතර සිටිති.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd