
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකට සූදානම් වෙනවා යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට, උතුරු කොරියාව ලබන සතියේ අප්‍රේල් 15 වැනිදා මෙම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදු කරනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, දකුණු කොරියාවේත් චීනයේත් සහාය ලබාගෙන උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා කළේය. එහිදී න්‍යෂ්ටික අවිහරණයකට නායක කිම් ජොන් උන් කැමැති වුණු නමුත් ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමට කිසිදු ප්‍රගතියක් ලැබුණේ නැත. ඒ අනුව, දෙරට අතරේ සාකච්ඡා බිඳ වැටුණි.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කළේ 2006 වසරේදීය. අවසන් වරට න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් කළේ 2017 වසරේදීය.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා පැවැත්වීමට උත්සාහ කළත්, එම සාකච්ඡා ආසාර්ථක වූ බවය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකට සැරැසෙනවා