IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘නොමිලේ සිප ගැනීම් සෞදියටත් පනී’

මග යන එන අය වැළඳගන්නා ව්‍යාපාරයක් ආරම්භ කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි පොලිසිය සැරැසෙයි. ඒ අබ්දුල් රහමන් අල් කයියාල් (21)සහ ඔහුගේ යහළුවා වේ.

මොවුන් ‘නොමිලේ වැළඳගැනීම’ යනුවෙන් ඉංගි‍්‍රසියෙන් ලියූ පුවරුවක් අල්ලා ගෙන අවට යන එන අය වැළඳගනිති. මුස්ලිම් රාජධානියේ අගනුවර රියාද් නගරයේ ජනාකීර්න ප‍්‍රදේශ, ආගමික ස්ථානය හා පොදු ස්ථාන ඔවුන් මෙම වැළඳගැනීමේ ව්‍යාපාරය සඳහා තෝරා ගෙන ඇත.

එම අවස්ථාවල ගත් පින්තූර හා වීඩියෝ දර්ශන ෆෙස් බුක්, ට්විටර් හා යු ටියුබ් වෙබ් අඩවි වල පළ කර ඇත. ඒවාට දස ලක්ෂ ගණනක් ජනතාව කැමැත්තද එක් කර ඇත.

අත් අඩංගුවට ගත් පසු ඔවුන් එම කි‍්‍රයාවෙන් ඈත් වන පවසා ඇති නමුත් ඔවුන්ගේ ව්‍යාපාරයට අනුබල දෙන්නන් මෙය නොමිලේ වැළඳගැනීමක් මිස නොමිලේ මත්දව්‍ය දීමක් නොවන බව පවසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර තිබේ.

ආගමික චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉතා ඉහළින් පිළි ගන්නා සෞදි අරාබියට මෙවැනි විදේශීකයන්ගේ පුරුදු නොගැලපෙන හා  නීති විරෝධි කි‍්‍රයාවක් බව ආගමික නායකයෝ චෝදනා කරති. අද නොමිලේ වැළඳගැනීම, හෙට නොමිලේ හාද්දක් හා ඊට පසු දින නොමිලේ ලිංගිකත්වය වනු ඇති බවත් ඔවුන් පවසයි. එසේම මෙය එරටේ විවිධ වාද විවාද වලද මාතෘකාවක් වී ඇත.




අදහස් (0)

‘නොමිලේ සිප ගැනීම් සෞදියටත් පනී’

දොං සේතන් Thursday, 28 November 2013 01:03 PM

මාවත් දවසක් කොළඹට ගිය වෙලාවේ කවුදෝ එක්කෙනෙක් ඇවිත් ආ කොහොමද කියලා බදා ගත්තා. මම හොදටම බය වනා.(නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 27 November 2013 09:50 PM

එයාලා රිසානාට වුණ දේ නොදන්නවාවද්ද? (නි)

:       0       0

ලලිත් Thursday, 28 November 2013 01:13 PM

මොන විකාරයක්ද මේක? බටහිර රටවල කරන ඕන දෙයක්, අනුකරණය කරල කැපී පේන්න හදන මෝඩයෙක් (නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 27 November 2013 10:15 PM

පවු! අහිංසක කොල්ලෝ දෙන්නා (නි)

:       0       0

දර්ශන් Thursday, 28 November 2013 01:24 PM

කැමති ඈයොනේ වැලඳ ගන්නේ. අනිත් අයට තියෙන අමාරුව මොනවාද??? (ස)

:       0       0

දර්ශන් Thursday, 28 November 2013 01:24 PM

කැමති ඈයොනේ වලදාගන්නේ ,අනිත් අයට තියෙන අමාරුව මොනවාද. (නදී)

:       0       0

මාර්ක් Thursday, 28 November 2013 01:26 PM

අනේ අපොයි මේ වගේ දේකට දොස් කියනවා. ලංකාවේ වැසිකිළිවල කුඩු බොන අයට කෝ ඔය අයගෙන් අදහස්.(නදී)

:       0       0

නිශාන්ත Thursday, 28 November 2013 01:30 PM

මෙතන බහුතරක් අදහස් බැලුවම දුක හිතෙනවා. ලංකාවෙ ඉන්න කාලකන්නි මිනිස්සු නොකරපු දෙය මොනවද ඇයි මෙය කොල්ලෝ දෙන්න කරපු වරද (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 27 November 2013 11:21 PM

සෞදි වල ඉපදුනාට භාගයක්ම අධ්‍යාපනය ලබන්නේ විදේශ රටවල.ගොඩක් දෙනෙක් නැවත එද්දී මෙහේ විනය අමතකයි.ඇත්තෙන්ම ඇදුම්,කෑම බීම ,භාෂාව,හැම දෙයක්ම ජීවත් වූ රටවල විදිහට හැඩගැහෙනවා ඉබේම.මේකත් ඒ වගේ පුරුදුවීමක් වෙන්න පුලුවන්. (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 28 November 2013 12:20 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අසන්ත Thursday, 28 November 2013 02:52 AM

සෞදියේ අය අපේ ලංකාවේ ඉන්න ‍දේශපාලකයන් වගේ තමයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 29 November 2013 05:00 PM

සෞදි ජාතිකයන් දෙදෙනෙක් මුණගැහෙන ඕනෑම අවස්ථාවක ඔවුන් අතට අත දී සිපගැනීම හෝ වැළද ගැනීම ඉතාමත් සාමාන්‍ය දෙයක්. මේ කොල්ලෝ දෙන්නා බෝර්ඩ් ගහගෙන පෙන්නන්න හදන්නේ මොකක්ද කියලා ටිකක් හිතලා බලන්න ඕනෑ (නි)

:       0       0

රන්බණ්ඩා Thursday, 28 November 2013 03:57 PM

අනේ මටනං මේකේ වරදක් නොපෙනේ හොඳ පුරුද්දක් ...? (ස)

:       0       0

සිංහ Thursday, 28 November 2013 11:33 PM

සෞදියේ මිනිස්සුන්ට කොච්චර බැන්නත් ඔවුන් ඔවුන්ගේ සංස්කෘතිය රැක ගන්න ගොඩක් මහන්සි ගන්නවා,ඒකට අපේ රටේ ඉන්න දේශපාලුවෝ? (නි)

:       0       0

නල්ලතම්බි Thursday, 28 November 2013 11:50 PM

මෙහෙමත් රටක්? (නි)

:       0       0

රෝයි Thursday, 28 November 2013 08:39 AM

ඒ රටවල නීතිය ඉතා වැදගත් . නිය පොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන්න තියන්නේ නැහැ .(නදී)

:       0       0

ශාන්ත හෝමාගම Thursday, 28 November 2013 05:00 PM

මමත් ඔයාගේ කතාවට එකතු වෙන්නම් රන් බංඩේ.(නදී)

:       0       0

සමිත Thursday, 28 November 2013 09:10 AM

මේක මළ වදයක් වෙලා ලෝකෙටම.(නදී)

:       0       0

දිනේෂ් ශ්‍රී Thursday, 28 November 2013 06:03 PM

අනේ පව් මේ දෙන්නටත් ෂරියා නීතියට හිස දන් දෙන්න නොවේවා! (නදී)

:       0       0

ජගත් Wednesday, 27 November 2013 08:00 PM

මේ දෙදෙනාගේ හිස ගසා දැමිය යුතුයි.(නදී)

:       0       0

තිලක් Friday, 29 November 2013 04:16 AM

වැළද ගැනිම සහ සිප ගැනීම කියන්නේ දෙකක්. වැළද ගැනීම ලෙන්ගතුකම සහ මිතුදම් වෙනුවෙන්. මේක ලංකාවෙත් තිබෙනවා. (නි)

:       0       0

වර්ණ Thursday, 28 November 2013 07:11 PM

මේක නම් අහිංසක වැඩක්.ඒත් ඉතින් සෞදියට නම් මේක වැරදියි (නි)

:       0       0

නිෂා Thursday, 28 November 2013 12:04 PM

ලංකාවටත් බෝවෙයිද දන්නෙ නැ. (ස)

:       0       0

දුෂාන් Sunday, 01 December 2013 08:17 AM

අනේ අපොයි! මේ වගේ දේකටත් දොස් කියනවා. (නි)

:       0       0

සුමිත් Friday, 29 November 2013 02:39 PM

කැමති කෙනෙක් සිප ගත්තම අපට මොකෝ.ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් කර ගත්තාවේ (නි)

:       0       0

මධු Wednesday, 27 November 2013 09:39 PM

කැමති අය වැළද ගත්තාවේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site