IMG-LOGO

නොබෙල් සාහිත්‍ය සම්මානය ටැන්සානියා නවකතාකරුට

මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඉංග්‍රීසි බසින් පොත් ලියන ටැන්සානියා ලේඛක අබ්දුල් රසාක් ගුර්නාර්ට පිරිනැමීමට තීරණය කළ බව ස්වීඩන ඇකඩමිය පවසා තිබේ.

යටත්විජිතවාදයේ බලපෑම් සහ සරණාගතයාගේ ඉරණම කෙරෙහි සම්මුති විරහිතව දයානුකම්පිතව සාහිත්‍යකරණයේ නියැලීම ඇගයීමට ලක් කරමින් 2021 වසර සඳහා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය 73 හැවිරිදි අබ්දුල් රසාක් ගුර්නාර් ට පිරිනමන බව සාහිත්‍යය පිළිබඳ නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් පැහැදිලි කර තිබේ.

නොබෙල් රන් පදක්කමට අමතරව, මුදලින් ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 10 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 1.14 ක්) ගුර්නාර් ට හිමිවනු ඇත.

ගුර්නාර් නවකතා 10 ක් සහ කෙටි කතා ගණනාවක් රචනා කර තිබේ. 1994 වසරේ දී ගුර්නාර් විසින් රචනා කරනු ලැබූ 'පැරඩයිස්' නවකතාව විචාරකයන්ගේ පැසැසුමටත් සම්මාන රැසකටත් පාත්‍ර විය. මෙම නවකතාවට පාදක වන්නේ දෙවැනි ලෝක යුද සමයේ නැගෙනහිර අප්‍රිකා රටවලට එල්ලවුණු යටත්විජිතවාදයේ බලපෑමය.

මේ වනවිට රසායන විද්‍යා, භෞතික විද්‍යා සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් හිමිවන්නේ කාටදැයි ද නොබෙල් කමිටුව ප්‍රකාශයට පත් කර අවසන්ය.

2021 සඳහා, රසායන විද්‍යා නෙබෙල් ත්‍යාගය, ඖෂධ නිෂ්පාදනයට සුදුසු ආකාරයේ, පරිසර හිතකාමී නව අණු නිර්මාණයට දායක වූ ජර්මන් විද්‍යාඥ බෙන්ජමින් ලිස්ට් සහ ස්කොට්ලන්ත විද්‍යාඥ ඩේවිඩ් මැක්කලන් අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කර තිබේ.  
මීට අමතරව, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ඇමෙරිකන් ජපන් විද්‍යාඥ සියුකුරෝ මනාබේ, ජර්මනියේ කපවුස් හෙසල්මන් සහ ඉතාලියේ ජියෝරිජි පරීසි යන තිදෙනාය.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු වන ඩේවිඩ් ජුපියස් සහ ආඩෙම් පැටපෝෂියම් අතරේ බෙදී ගියේය.

(රොයිටර්)



අදහස් (0)

නොබෙල් සාහිත්‍ය සම්මානය ටැන්සානියා නවකතාකරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 791 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site