
නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල්, නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, සිවුදින නිල සංචාරයකට, ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයෙන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
පුෂ්ප කමල් දාල් යළිත් වරක් නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පසුගිය වසරේ දෙසැම්බරයේය. ඉන්පසු ඔහු විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර, 2008 වසරේ දී, නේපාල අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, පුෂ්ප කමල් දාල් අවස්ථා දෙකකදී ඉන්දියාවේ නිල සංචාර සඳහා පැමිණ තිබේ.
ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහ නේපාලයට ඉහළින් නව ගුවන් මාර්ග ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද නේපාල අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මේ වනවිටත්, නේපාලයේ ජල විදුලි ව්‍යාපෘති කීපයකට ඉන්දීය රජයේ අනුග්‍රහය හිමිවෙයි. මෙගාවොට් 42,000ක් දක්වා ජල විදුලිය නිපදවීමේ හැකියාව ඇති නේපාලය, තම දේශීය ඉල්ලුම වන මෙගාවොට් 2,000ට සාපේක්ෂව ලබන වසර වන විට මෙගාවොට් 3,500ක් පමණ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.
68 හැවිරිදි පුෂ්ප කමල් දාල්, දේශපාලනයට පිවිසීමට පෙර, මාඕවාදී කැරැලි නායකයෙක් විය. බිහිසුණු නායකයකු වුණු ඔහු ‘ප්‍රචණ්ඩා’ යන නමින් එදා හැඳින්විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පුෂ්ප කමල් දාල් අතරේ යහපත් සබඳතා පවතී. 2014 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මෝදි අවස්ථා පහකදී නේපාලයේ සංචාරය කළේය. මෝදි අවසන් වරට නේපාලයට ගියේ පසුගිය 2022 වසරේදීය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නේපාල අගමැති දාල් ඉන්දියාවේ සංචාරයක