
රුසියන් යුක්රේන යුද්ධය හමුවේ, ඇමෙරිකාව ඇතුළු බටහිර ප්‍රබල රටවල් රුසියාවට දිගට හරහට සම්බාධක පනවා තිබියදී, බ්‍රසිලය, ඉන්දියාව සහ චීනය රුසියාව සමඟ ගනුදෙනු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව නේටෝ සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසයි.
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ගොස් සිටින රූට්, බ්‍රසිලයට, ඉන්දියාවට සහ චීනයට අනතුරු ඇඟවීමක් ද කළේය. ඒ, රුසියාව සමඟ දිගින් දිගටම ගනුදෙනු කරන්නේ නම්, එහි ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පෙන්වා දෙමිනි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී රුසියන් යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා පැවැත්වීමෙන් පසු, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල සෙනෙට් මන්ත්‍රීවරුන් හමුවුණු අවස්ථාවේදීය.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමටත් සාම වැඩපිළිවෙළකට යෑමටත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැති කරවා ගන්නැයි ද නේටෝ මහ ලේකම්වරයා බ්‍රසීලයෙන්, ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉල්ලීමක් ද කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නේටෝ සංවිධානයෙන් අනතුරු