IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොවිඩ්

තමන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය 42 හැවිරිදි ජෙන් සාකී නිවේදනය කළාය.

සාකී නිකුත් කළ නිවේදනයට අනුව, ඇය අවසන් වරට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ සබඳතා පැවැත්වූ බව පැවැසෙන්නේ මීට සතියකට පෙර පසුගිය අඟහරුවාදාය.

එම අවස්ථාවේදී තමා මෙන්ම ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ද මුහුණු ආවරණ පැලඳ අඩි 6 කට වඩා දුරින් සිටි බව ද ලේකම්වරිය පැහැදිලි කර තිබේ. ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් පසුගිය දා රෝමයේ 'ජී20' සමුළුවට සහභාගී වූහ. බයිඩන් යුවළ ශුද්ධෝත්තම පාප්තුමන් ද හමුවූහ.

'ජී20' සමුළුවෙන් පසු ජනාධිපති බයිඩන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන 'කොප්26' සමුළුවට සහභාගී වෙයි. ධවල මන්දිරය පවසා ඇත්තේ ජනාධිපති බයිඩන් සහ ආර්යාව ජිල් නිරන්තරයෙන් 'කොවිඩ් 19' පරීක්ෂණවලට  ලක් කෙරෙන බවය.

පසුගිය සෙනසුරාදා ද බයිඩන් 'කොවිඩ් 19' පරීක්ෂාවට ලක් කෙරුණු බවත්, ඔහු ආසාදිතයකු නොවන බව එම අවස්ථාවේදී තහවුරු වූ බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොවිඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site