බොලිවුඩ් සුරූපිනියක වන දීපිකා පදුකෝන් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
35 හැවිරිදි දීපිකා පදුකෝන් පමණක් නොව, ඇගේ පියා ප්‍රකේෂ් පදුකෝන්, මව උජාලා සහ නැගණිය අනීෂාට ද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
වයිරස ආසාදිතයකු බව තහවුරු වෙද්දී, දීපිකා සිට ඇත්තේ බැංගලෝර් නුවර ඇගේ පවුලේ අය සමගය.
දීපිකා සහ සැමියා රන්වීර් සිං මුම්බායි සිට බෙංගලෝර් නුවර දීපිකාගේ පවුලේ නිවසට පැමිණ ඇත්තේ මීට දින කීපයකට පෙර මුම්බායි නුවර ලොක්ඩවුන් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
දීපිකා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ඇගේ පවුලේ සෙසු සාමාජිකයන් සහ ඇය සමීපව ඇසුරු කළ සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.
දීපිකාගේ සැමියා ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං ද පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කළ බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බවත් පැවැසෙයි.
දීපිකා හෝ ඇගේ පවුලේ සාමාජිකයන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් ඉන්දීය මාධ්‍ය, වැඩිදුරටත් වාර්තා කර තිබේ.
බැංගලෝර්හිදීය (ටයිම්ස් ඔෆ් ඉන්දියා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd