
බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ සිද්ධිය සහ ඇය මරණයට පත්වීම මුල්කොට ගනිමින් රට පුරා යළි විරෝධතා ආරම්භ වී තිබේ.
පසුගිය මාර්තු 5 වනදා පස්වරුවේ අදාළ දැරිය මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසේදී බව පැවසෙයි.
බරපතළ තත්ත්වයේ පසුවූ දැරිය දින 6 ක් පුරා ඩකා අගනුවර රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මියගියාය.
සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ සහෝදරියගේ 18 හැවිරිදි සැමියා, ඔහුගේ මව්පියන් සහ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ මරණයත් සමග ප්‍රකෝපකාරී වූ ජනතාව සැකකරුවන්ගේ නිවසට ගිනි තැබූ බව ද පැවැසෙයි.
විරෝධතාකරුවන් රජයට බලකරන්නේ මියගිය එම දැරියට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙසය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd