තමා ඝාතනය කිරීමට චීන ඒජන්තවරුන් පිරිසක් කුමන්ත‍්‍රණය කරන බව ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා පවසයි. ටිබෙටයෙන් පලාවිත් ඉන්දියාවේ ධර්මශාලා නුවර වෙසෙන ටිබෙට් ආධ්‍යාත්මික නායකතුමන් මේ බව අනාවරණය කළේ බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටෙලිග‍්‍රාෆ්’ පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවකදීය. ‘‘ටිබෙටයේ සිටින අපේ හිතවතුන්ගෙන් මට තොරතුරු ලැබුණා. චීන රජයේ ඒජන්තවරුන් උත්සාහ ගන්නවා ඔවුන්ගේ ඒජන්තවරියන් මාගේ බැතිමතුන් ලෙස වෙස් ගන්වා මා හමු වීමට පැමිණෙන්න සලස්වා මට වස දෙන්න’’ යැයි දලයි ලාමා තුමා පවසයි. එම ඝාතන සැලැස්මට මේ වන විටත් තරුණියන් පිරිසක් ඒජන්තවරුන් ලෙස බඳවා පුහුණුව ලබා දෙන බව ද තමන්ට දැන ගැනීමට හැකි වී ඇතැයි දලයි ලාමාතුමන් වැඩි දුරටත් කියා සිටී. ලාමාතුමන්ගේ ආධාරකරුවන් මේ වන විට හිමාලය කඳු පාමුල පිහිටි ධර්මශාලා නුවර විශේෂ ආරාමයක ලාමතුමන් රැුඳවීමට කටයුතු කර ඇති අතර එතුමන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ. චීන රජය සමඟ සාකච්ඡුා පවත්වා සාමකාමී විසඳුමක් ලබා ගැනීමට හැකි වේවි යන්න දලයි ලාමාතුමන්ගේ විශ්වාසයයි. චීනය පවසන්නේ ටිබෙටය ඔවුන්ට අයත් බවය. එහෙත් ටිබෙටය ස්වාධීන රාජ්‍යයක් යැයි පවසමින් ටිබෙට් ජාතිකයෝ නිරන්තරයෙන් චීන රජයට එරෙහි විරෝධතා පවත්වති. චීන රජයේ අඩන්තේට්ටම්වලට විරෝධය පළ කරමින්, ඉන්දියාවට පිටුවහල් වී සිටින ටිබෙට් ජාතිකයන් 30 දෙනකු මේවන විට සිරුරුවලට ගිනි තබාගෙන විරෝධතා පළ කර තිබේ. ඒ අතර ටිබෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දලයි ලාමා මරන්න චීන කුමන්ත‍්‍රණයක්