
'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තියත් සමඟ දින 106 ක් වසා තැබුණු (ලොක්ඩවුන්) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි විවෘත කෙරුණි.
ලොක්ඩවුන් තහංචි ඉවත් කරන බව සෞඛ්‍ය බලධාරීන් පැවැසූ අවස්ථාවේදී, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සිඩ්නි වැසියන් අමතමින් කියා සිටියේ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, නව සාමාන්‍යකරණය යටතේ 'කොවිඩ් 19' සමඟ ජීවත් වීමට හුරු විය යුතු බවය. ඒ අනුව, සිඩ්නි වැසියන් බොහෝ දෙනකු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ 'කොවිඩ් 19' සමඟ ජීවත් වීමට තමන් හුරුවන බවය.
ලොක්ඩවුන් තහංචි ඉවත් කළ අවස්ථාවේදී නිවෙස්වලින් බැහැරවීමට අවස්ථාව ලැබුණේ එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබා ගත් සිඩ්නි වැසියන්ට පමණි. අවන්හල් සහ සැලූන් විවෘත කෙරුණු අතර එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත් සිඩ්නි වැසියන්ට ඒවාට ඇතුළු වීමට ඉඩ ලැබුණි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මුහුණු ආවරණ පැලදීම අනිවාර්යයෙන් කළ යුතු යැයි සෞඛ්‍ය බලධාරීන් සිඩ්නි වැසියන්ට උපදෙස් දී තිබුණි.
මේ වනවිට සිඩ්නි නුවර ඇතුළත් නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් බව පැවැසෙයි. පසුගිය දින 106 පුරාවට සිඩ්නි නුවර ලොක්ඩවුන් කර තැබුණේ ඩෙල්ටා විකෘතියේ ව්‍යාප්තිය හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින 106 කට පසු ලොක්ඩවුන් තහංචි ඉවතට