IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාව මිසයිල ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ සූදානමක

උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය දෙගුණයකින් තර කිරීමට දකුණු කොරියා රජය ඇමෙරිකාව සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. දකුණු කොරියාවේ සියොල් අගනුවර මිසයිල ආරක්ෂණ පද්ධතිය වඩා සවිමත් කිරීමට එරට රජය අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව පිළිබඳව ඇමෙරිකාව සහ දකුණු කොරියාව සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වන විට හමුදා භටයන් 28,500ක් දකුණු කොරියාවේ ආරක්ෂාව පිණිස ස්ථානගත කර ඇති ඇමෙරිකාව පවසන්නේ උතුරු කොරියාව හදිසියේ න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල කළ හොත් දකුණු කොරියාව ඉන් ආරක්ෂා කර ගැනීමට තමන් සූදානමින් සිටින බවයි. මේ ගිවිසුම මඟින් සියොල් නුවර ස්ථානගත කර ඇති මිසයිල ආරක්ෂණ පද්ධතිය බල පැවැත්වෙන දුර ප‍්‍රමාණය කිලෝමීටර් 800 දක්වා වැඩි කිරීමට දකුණු කොරියා රජය සූදානමින් සිටී. උතුරු කොරියාව සතුව මිසයිල වර්ග දහසක් පමණ තිබෙන බව පවසන දකුණු කොරියාව එම මිසයිල සියොල් නුවර ඉලක්ක කර ස්ථාන ගත කර ඇතැයි පවසයි.



අදහස් (0)

දකුණු කොරියාව මිසයිල ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ සූදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 708 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17895 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site