IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


දකුණු අප්‍රිකා ජනපති ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා

පළුදු වූ හොඳහිත තරකර ගැනීමේ අරමුණින්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

දෙරටේ නියෝජිතයන් සහ මාධ්‍යවේදීහු රැසක් ඕවල් කාර්යාලයේ පැවැති එම හමුවට එක් වී සිටියහ. 

රැම්පෝසාගේ රජය සහ ට්‍රම්ප් පරිපාලනය අතරේ හොඳහිත පළුදු වී  අර්බුදයක් හටගත්තේ, දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්ට එරෙහිව අපරාධ සහ කෙණෙහිලිකම් සිදුවන බවටත්, සුදු ජාතික ගොවීන්, ‘සුදු ජාතිකයන්’ වීම නිසා ඝාතනයට ලක් වන බවටත් චෝදනා නගමිනි.

ට්‍රම්ප්, දකුණු අප්‍රිකා රජයට චෝදනා කරන්නේ දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්ට එරෙහිව ජන සංහාර සිදුවන බවය. මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති රැම්පෝසා උත්සාහ ගත් නමුත්, ට්‍රම්ප්ගෙන් ඊට බාධා එල්ල විය.

දකුණු අප්‍රිකා විපක්ෂ දේශපාලනයකු වන ජුලියස් මලේමා පාර්ලිමේන්තුවේදී ‘සුදු ජාතික ගොවියන්ට මරණය’ යැයි කෑ කෝ ගසන දසුන් පෙළක් ද රැම්පෝසාට නරඹන්න සැලැස්වීමට ද ට්‍රම්ප් පියවර ගත්තේය. එය අනපේක්ෂිත සිදුවීමක් විය.

ජුලියස් මලේමාගේ පාර්ලිමේන්තුවේ දී කළ විවේචනය දකුණ් අප්‍රිකා රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් දකුණු අප්‍රිකාව යනු බහු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත්, ඕනෑම අයකුට නිදහසේ අදහස් දැක්විය හැකි බවත් රැම්පෝසා ට්‍රම්ප්ට පැහැදිලි කළේය.

සිරිල් රැම්පෝසාගේ රජය, මෙම වසර මුලදී, පාර්ලිමේන්තුවේ දී  නව පනත් කෙටුම්පතක් සම්මත කර ගත්තේය. සම්මත වූ එම නීතිය යටතේ, ඇතැම් අවස්ථාවලදී වන්දි නොගෙවා, සුදු ජාතික දකුණු අප්‍රිකානුවන් සතු පෞද්ගලික ඉඩම් කිසිදු වන්දි ගෙවීමක් නොමැතිව රජයට පවරා ගැනීමට හැකිවෙයි. ජනාධිපති ට්‍රම්ප්, දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා ඉදිරියේ මෙම නව නීතිය දැඩි ලෙස විවේචනය කළ අතර, ට්‍රම්ප් චෝදනා නගන්න වූයේ එසේ සුදු ජාතිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන, දකුණු අප්‍රිකානු කළු ජාතිකයන්, එම සුදු ජාතිකයන් ඝාතනය කරන බවටය. සිහාමුසුව, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ රැම්පෝසා පෙන්වා දුන්නේ, එම නව නිතිය යටතේ තවමත් කිසිදු ඉඩමක් අත්පත් කරගෙන නොමැති බවය.

මේ අතර පසුගිය දා දකුණු අප්‍රිකානු සුදු ජාතිකයන් 59 දෙනකු සරණාගතයන් ලෙස ඇමෙරිකාවට පැමිණි අතර ඔවුන් බාර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේය. එම පිරිස ඇමෙරිකා පැමිණියේ ඔවුන්ට එල්ල වන කෙණෙහිලිකම් හේතුවෙන් යැයි පැවැසෙයි. සිරිල් රැම්පෝසා මෙම පිරිස හඳුන්වා දී ඇත්තේ ‘නිවටයන්’ යනුවෙනි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, දකුණු අප්‍රිකාවට සියයට 30 ක තීරු බදු පැනවීම් කර ඇති අතර, දකුණු අප්‍රිකා රජය සහ ට්‍රම්ප් පරිපාලනය අතරේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද සිදුවෙමින් පවතී. 

පසුගිය මාර්තුවේ, ට්‍රම්ප් පරිපාලනය විසින්, ඇමෙරිකාවේ සිටි දකුණු අප්‍රිකා තානාපති ඊබ්‍රහීම් රාසූල් රටින් ඇමෙරිකාවෙන් නෙරපා දැම්මේ යළි කිසිම දිනෙක ඇමෙරිකාවට පැමිණීමට නොහැකි වන ආකාරයටය. ඒ, ඊබ්‍රහීම් රාසූල්, ට්‍රම්ප් විවේනය කරමින් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි. ඊබ්‍රහීම් රාසූල්, ට්‍රම්ප් විවේචනය කළේ ඔහු සුදු ජාතික අන්තවාදියකු බව පවසමිනි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

දකුණු අප්‍රිකා ජනපති ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site