ඇමෙරිකාවේ 'නොවාවැක්ස්' ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඉන්දියාවේ 'සේරම්' ඖෂධ නිෂ්පාදන සමාගම 'කොවාවැක්ස්' යන වෙළෙඳ නාමය යටතේ නිපදවා ඇති 'නොවාවැක්ස්', 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතට, ඉන්දුනීසියා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.
'නොවාවැක්ස්' එන්නතක් සඳහා අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත්, 'නොවාවැක්ස්' සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හෝ අනුමැතිය ලැබී නැත. මෙම එන්නත ද පහසුවෙන් ගබඩා කළ හැකි එකක් වන අතර මාත්‍රා දෙකකින් යුක්තය.
එන්නත නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' මුල් වයිරස ප්‍රභේදය පමණක් නොව, එහි විකෘති ප්‍රභේදයන් ද අධ්‍යයනය කරමිනි. ඒ අනුව, එන්නත අනෙක් එන්නත්වලට වඩා සාර්ථක යැයි 'නොවාවැක්ස්' සමාගම පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
ඉන්දියාවේ සේරම් ආයතනය හවුලේ නිපදවන දෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි. ඔවුන් නිෂ්පාදනය ආරම්භ කළ පළමු එන්නත 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' ය. සේරම් ආයතනය මෙය නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' වෙළෙඳ නාමය යටතේය.
'නොවාවැක්ස් කොවොවැක්ස්' එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ඉන්දුනීසියා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය හිමිවීමත් සමඟ එන්නත මේ වනවිට ඉන්දුනීසියානු වැසියන්ට ලබා දීම ආරම්භ වී ඇත.
(ඒ.ඒෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් කොරෝනා එන්නතකට අනුමැතිය