IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


තලේබාන් සංවිධානයට දොස් කියයි

ඇෆ්ගන් බාලිකා අධ්‍යාපනයට අවසර දෙන බවටත්, කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ දෙන බවටත් පොරොන්දු වූ තලේබාන් පාලකයන් එම පොරොන්දු කඩ කර ඇතැයි පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ඇෆ්ගන් තලේබාන් රජයට දොස් නගා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇෆ්ගන් තලේබාන් පාලනය විවේචනය කළේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්තානයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදීය.

'තලේබාන්වරුන් ඔවුන්ගේ පොරොන්දු ඉටු කරායි මා විශ්වාස කළා. බාලිකා අධ්‍යාපනයට අවසර දී කාන්තා අයිතීන් සුරැකීමට පියවර ගනීවි මා විශ්වාස කළා. ඒත් ඇෆ්ගනිස්තානයෙන් ලැබෙන තොරතුරු අනුව එවැන්නක් සිදු වන්නේ නැහැ. තලේබාන්වරුන් බාලිකාවන්ට සහ කාන්තාවන්ට තහංචි පැනැවීම් සිදු කර තිබෙනවා. එය කිසිසේත් අනුමත කරන්න බැහැ' යැයි  මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පෙන්වා දී තිබේ.

ඇෆ්ගන් තලේබාන් සංවිධානයට අවශ්‍ය වී ඇත්තේ ලෝකය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටය. පසුගිය සති අන්තයේ, ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතර දෝහා කටාර්හිදී සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා සාර්ථක වූ බව දෙපාර්ශ්වයම පවසා තිබේ. ඉදිරියේ දී තලේබාන් නියෝජිතයන් සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් අතරේ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, රුසියාවේ මොස්කව් අගනුවර ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවට ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන්ට ද ඇරැයුම් කර ඇතැයි රුසියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇෆ්ගනිස්තානයේ රුසියන් නියෝජිත සමීර් කැබුලෝව් පවසා ඇත්තේ තලේබාන්වරුන්ට ජාත්‍යන්තරය හා සම්බන්ධ වීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇති බවය.

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු යළි බලයට පැමිණි තලේබාන්වරුන් දිගින් දිගටම විදේශවලින් ඉල්ලා ඇත්තේ විදෙස් තානාපති කාර්යාල යළි ඇෆ්ගනිස්තානයේ විවෘත කරන ලෙසය. කෙසේ නමුත් ඇෆ්ගන් තලේබාන්වරුන් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උනන්දුවක් දක්වා ඇත්තේ කටාර් රාජ්‍යය, පාකිස්තානය, චීනය සහ රුසියාව පමණි.

මෙම රටවල් ද පවසා ඇත්තේ තලේබාන්වරුන් ඇෆ්ගනිස්තනයේ ස්ථාවර රජයක් පිහිටුවිය යුතු බවය. පසුගිය දා නිව්යෝක් නුවර පැවැති 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ද තලේබාන්වරුන් උත්සාහ කළ නමුත් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැත.

ලබන ඔක්තෝබර් 20 වැනිදා රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවට සහභාගී වනු ඇත්තේ චීනය, ඉන්දියාව, ඉරානය සහ පාකිස්තානයයි. මෙම රටවල් අතරින් චීනය සහ පාකිස්තානය දැනමත් තලේබාන්වරුන් සමඟ යහපත් සබඳතා පවත්වයි. ඇෆ්නිස්තානයේ සංවර්ධන කටයුතුවලට දායක වීමට තමන් සූදානම් බව චීනය පවසා ඇත. කෙසේ නමුත් ඊට පෙර ඇෆ්ගනිස්තානයේ ස්ථාවර රජයක් පැවැතිය යුතු බව ද චීනය තලේබාන් පාලනයට දැනුම් දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

තලේබාන් සංවිධානයට දොස් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1019 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site