
ඇෆ්ගන් රජය නියෝජනය කරමින්, එරට තලේබාන් නියෝජිත කණ්ඩායමක්, ජපානයේ නිල සංචාරයක යෙදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇෆ්ගන් තලේබාන්වරුන් කණ්ඩායමක් මෙසේ ජපානයේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අත්පත් කර ගත්තේ, 2021 වසරේදී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කර පිටවී යෑමෙන් අනතුරුවය.
බලයට පත්වීමෙන් පසු තලේබාන්වරුන්, ඔවුන්ට ආවේණික දළදඩු ෂරියා නීතිය ක්‍රියාවට නැංවීය. එම ෂරියා නීතිය යටතේ, බාලිකා අධ්‍යාපනය තහනම්ය. කාන්තා නිදහස ද සම්පූර්ණයෙන් සීමා කර ඇත. පණ ඇති කිසිවක් ඡායාරූප ගත කිරීම පවා දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි.
තලේබාන් රජයේ මෙම ක්‍රියා කලාපය, ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත. මේ නිසා, ඇෆ්ගන් තලේබාන් රජය ලොවෙන් හුදෙකලා වී ඇත. එබැවින්, තලේබාන්වරු, ජාත්‍යන්තරය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරමින් සිටිති.
ජපාන සංචාරයේ දී, තලේබාන්වරුන් සහ ජපන් රජයේ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ජපන් ආර්ථිකය නංවාලීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd