ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයට, එරට ජීවත් වන වාර්ගික ජනකොට්ඨාශයක් ලෙස සැලකෙන 'හසාරා' වැසියන් අමු අමුවේ මරා දමන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කරයි.
'හසාරා' වැසියන් ජීවත් වන්නේ මධ්‍යම 'ඩේකුන්ඩි' නමැති පළාතේය. නවතම වාර්තාවක දැක්වෙන්නේ තලේබාන් සටන්කාමීන් කිසිදු හේතුවක් නොමැතිව, 'හසාරා' වැසියන් ජීවත් වන ගම්මානයකට කඩා වැදී 'හසාරා' වැසියන් 13 වෙඩි තබා ඝාතනය කළ බවය. එම 13 දෙනාගෙන් එක් අයකු 17 හැවිරිදි දැරියක බව ද පැවැසෙයි.
පසුගිය අගෝස්තු 30 වැනිදා තලේබාන් සටන්කාමීන් 300 දෙනකුගෙන් සමන්විත බලඇණියක්, කිදර් දිස්ත්‍රික්කයේ ගොවිපොලවල වැඩ කරමින් සිටි 'හසාරා' ගෝත්‍රිකයන් 11 දෙනකු සොයා ගොස් ඔවුන් මරා දැමූ බව වාර්තා විය. එම 11 දෙනා ගංඉවුරකට ගෙන ගොස් ඔවුන් එම ඉවුරේ දණ ගස්සවා හිසට වෙඩි තබා ඝාතනය කළ බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසා ඇත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තලේබාන්වරුන් අමු අමුවේ ඝාතන කරනවා