IMG-LOGO

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට

 

 
 
ඒජියන් මුහුදේ ඊයේ(30) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ

තුර්කියේ බටහිර වෙරළබඩ ප්‍රදේශවල 25 දෙනකු මියගොස් ඇති අතර ග්‍රීක දූපතක් වන සමෝස්හි දෙදෙනකු මියගොස් ඇත.

තුර්කියේ ඉස්මිර් නගරයට භූ කම්පනයෙන් බරපතල හානි සිදුවූ අතර පසු කම්පන සිය ගණනක් ඇතිවූ හෙයින් මුදවා ගැනීමේ කටයුතු අසීරුවී තිබේ.

බලධාරීන් පවසන්නේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුවන බවයි.සිදුවූ අනතුරු වලින් 804 දෙනකු තුවාල ලබා ඇත.

නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ගවේෂණ කටයුතු සම්බන්දව තුර්කිය සහ ග්‍රීසිය ආරවුල් ඇතිකරගෙන තිබෙන නමුත් භූ කම්පනයෙන් පසු දෙරටේ නායකයින් දුරකථනයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ

"අපේ රටවල් දෙකටම බලපෑ භූ කම්පනයෙන් සිදුවූ ඛේදජනක ජීවිත හානි වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා මම තුර්කි ජනපතිවරයාට කථා කළා. අපගේ වෙනස්කම් කුමක් වුවත් මෙවැනි අවස්ථාවක අප එකට නැගී සිටිය යුතුයි." යනුවෙන් ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් පැවසීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට

Binkunndaa Saturday, 31 October 2020 07:16 PM

දෙවියන්ගේ දඩුවම තුර්කියට, කට මැත දොඩවන අයට පණිවිඩයක්... පීඩාවට පත් වූ අය වෙනුවෙන් දෙවියන්ගේ කරුණාව ඉල්ලමු.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 76 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 148 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 990 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site