IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තායිවානය සමඟ වැඩි සබඳතා

තායිවානය සමඟ සම්බන්ධතා වැඩි කරගැනීමට අපේක්ෂා කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.

තායිවානයට චීනයෙන් එල්ල වන බලපෑම් සහ තර්ජන වැඩිවෙමින් තිබෙන අතර තායිවානය සම්බන්ධතා ඇති කරගැනීමට උත්සාහ කරන පාර්ශවවලට ද බලපෑම් එල්ල වෙමින් තිබේ.

යුරෝපා සංගමය ඔක්තෝබර් මාසයේ තෙවැනි සතියේ දී තායිවානය සමඟ සම්බන්ධතා ඇති කරගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දක්වන ලදි.

තායිවානය සහ යුරෝපා සංගමය අතර සම්බන්ධතා ඇති කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා යැයි ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී ඉකුත් දා ප්‍රකාශ කෙරුණි.

මේ සම්බන්ධයෙත් තවදුරටත් අවධානය යොමු කර ඇතැයි යුරෝපා සංගමයේ තරගකාරීත්වය පිළිබඳ කොමසාරිස්වරිය වන මාග්‍රරීතා විස්තියර් ප්‍රකාශ කළා ය.

“තායිවානය සමඟ සම්බන්ධතා ඇති කරගන්නා අතරවාරයේදී චීනයේ බලපෑම් කිරීමටත් යුරෝපා සංගමය පිළිතුරු සොයන්න අවශ්‍ය යි. ඊට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය යි. ඒ වගේම චීනය තායිවානය හා සමාන අදහස් ඇති පිරිස්වලට බලපෑම් කරනවා” යැයි ද ඇය කීවා ය.

තායිවාන සමුද්‍ර සන්ධියේ චීන ක්‍රියාකාරකම් වැඩි වෙමින් තිබෙන බවත් එමෙන්ම තායිවානයේ නිරිත දිග වෙරළට ඔබ්බෙන් චීනය පියාසර මෙහෙයුම් කරන බව ද ඇය පැවැසුවා ය.

“මෙලෙස බලය පෙන්වීම යුරෝපයේ ආරක්ෂාවටත් සෞභාග්‍යයටත් ඍජුව බලපෑම් එල්ල කරනවා” යැයි ද ඇයි කීවා ය.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

තායිවානය සමඟ වැඩි සබඳතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site