
තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජින, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය බැංකොක් අගනුවර රෝහලකදී අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි.
2019 වසරේ සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි සිරිකිත් රැජින, මේ මස මුලදී ඇති වූ රුධිර ආසාදනයක් ඇතුළු රෝගාබාධ කිහිපයකින් පීඩා විඳි තැනැත්තියකි.
වසර හයකට අධික කාලයක් තායිලන්තයේ වැඩිම කාලයක් රජ කළ භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ බිරිඳ වූ සිරිකිත් රැජිණ, 2016 වසරේ දී සිය සැමියාගේ අභාවයෙන් පසු රාජ මාතාව ලෙස හැඳින් වූවාය.
තායිලන්ත ජනතාව විසින් ඇය ජාතියේ ප්‍රධාන මාතෘ රූපයක් ලෙස සලකනු ලැබූ අතර, ඇගේ උපන් දිනය වන අගෝස්තු 12 වැනිදා දින 1976 වසරේ සිට මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලැබේ.
රැජින අවසන් වරට ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ 2012 වසරේදී ආඝාත තත්වයකට මුහුණ දීමෙන් පසුවය. වජිරාලොන්ග්කෝන් රජුගේ නියෝගය පරිදි, රාජකීය අවමංගල්‍ය උත්සවය සංවිධානය කිරීමට රාජකීය නිවාස කාර්යාංශය කටයුතු කරමින් සිටින අතර, රැජිනගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් පැලස්හි දුසිත් තෝර්න් ශාලාවේ තැන්පත් කර ඇතැයි ද පවැසෙයි.
රැජිනගේ අභාවය හේතුවෙන් තායි අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරකුල් මැලේසියාවේ පැවැත්වීමට නියමිත අග්නිදිග ආසියානු ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට නියමිතව තිබූ සිය සංචාරය අවලංගු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තායිලන්තයේ සිරිකිත් රැජින සමුගනී