IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තමා ඝාතනයකට සැරැසෙනවා

‘ටොක්ශානා’ නඩු විභාගය සඳහා පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණ සංකීරණයට තමා පැමිණියත්, මෝටර් රථයෙන් පිටතට නොපැමිණියේ, හඳුනා නොගත් පුද්ගලයන් පිරිසක් තමා ඝාතනය කිරීමේ චේතනාවෙන් අධිකරණ සංකීරණයේ ස්ථාන ගත වී සිටි නිසා බව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත.

තමන් අධිකරණ සංකීරණයෙන් වහාම ඉවත් නොවූවා නම් ලේ විලක් ඇති වීමට ඉඩ තිබුණු බවත් පොලිසිය, රේන්ජර් භටයන් සහ හඳුනා නොගත් පිරිසක් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් ප්‍රකෝප කරමින් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තමාව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.
මේ සියල්ල පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ ප්‍රධාන සංවිධායක මර්යම් නවාස්ගේ උපදෙස් පරිදි සැලසුම් කර ඇතැයි ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත.

බලයේ සිටින්නන් සංයමයෙන් කටයුතු නොකළහොත් සියල්ල පාලනයෙන් තොර වනු ඇතැයි ඉම්රාන් ඛාන් අනතුරු අඟවා තිබේ.අධිකරණයේ නියෝග කඩ කරමින් සෝදිසි කිරීමට වරෙන්තුවක්වත් නොමැතිව තම නිවසට පොලිසිය කඩා වැදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

ටොක්ශානා නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඉම්රාන් ඛාන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය පෙරේදා (18) නියෝග කළේය.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයකුගෙන් ලැබුණු අත් ඔරලෝසුවක් ටොක්ශානා හි තැන්පත් නොකර විකිණීමට උත්සාහ කිරීම සහ එසේ ලැබුණු ත්‍යාගවල සත්‍ය තොරතුරු වසන් කළ බවට එල්ල වී ඇති චෝදනාවයි.පකිස්තාන නීතියට අනුව රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ.

ඉස්ලාමාබාද් පොලිසිය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ආධාරකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුමෙන් පොලිස් නිලධාරීන් 50 දෙනකු තුවාල ලැබූ අතර ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 59 දෙනෙක් අත් අඩංගුවට පත්වූහ.

දවස් දෙකකට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම හේතුවෙන් ඉම්රාන් ඛාන්ට, ඔහුගේ සමීපතම නියෝජිතයන් 17 දෙනකුට සහ ආධාරකරුවන් පිරිසකට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා ඇතුළු තවත් චෝදනා කිහිපයක් ගොනු කිරීමට ඉස්ලාමාබාද් පොලිසිය තීරණය කර ඇත.

(රොයිටර්)



අදහස් (0)

තමා ඝාතනයකට සැරැසෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site