ජනතාව හමුවී ජනතාව මුහුණ දෙන ගැටලු විමසා බැලිය යුතුයි පවසමින්, තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලිං චෙන්නායි නුවර ධාවනය වෙමින් තිබූ බස් රථයකට ගොඩවිය.
ස්ටාලිං ප්‍රමුඛ ඔහුගේ ඩී.එම්.කේ පක්ෂය බලයට පත්වීමෙන් අනතුරුව ඡන්ද පොරොන්දුවක් ඉටු කෙළේය. ඒ, කාන්තාවන්ට නොමිලේ බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලබා දෙමිනි. මහ ඇමැතිවරයා බසයට ගොඩ වූයේ එම කටයුතු ඒ අයුරින් සිදුවෙනවා ද යන්න සොයා බැලීමටය.
මහ ඇමැතිවරයා බසයේ සිටි කාන්තාවන් සමඟ සුහඳව කතාබහ කරමින්, ඔවුන්ට ඇති ගැටලු විමසා බැලීමට අමතක නොකළේය. මේ වනවිට තමිල්නාඩුවෙන් යළි 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත. එම නිසා බස් රථවල ගමන් කිරීමට අවසර හිමිවී ඇත්තේ සීමිත ප්‍රමාණයකට පමණි.
මහ ඇමැතිවරයා බස් රියට ගොඩවෙද්දී, සමාජ දුරස්ථභාවය අමතක කර එහි සිටි කාන්තාවන් ඔහු වටා රොක් වුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බසයේ සිටි කාන්තාවෝ මහ ඇමැතිවරයා සමඟ ඡායාරූප ගැනීමට ද අමතක නොකළාහ.
මහ ඇමැතිවරයා බස් රථයට ගොඩවෙද්දී, බස් රථයේ සිටි සියලු දෙනා මහත් සේ පුදුමයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. කෙසේ නමුත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ එය පුදුමයට කරුණක් නොවන බවත්, මහ ඇමැතිවරයා කැමරා කණ්ඩායමක් ද සමඟ බස් රථයට ගොඩවීම මාධ්‍ය සංදර්ශනයක් බවත්ය.
චෙන්නායි අගනුවර එන්නත්කරණ කටයුතු නොකඩවා පැවැත්වෙන අතර, එන්නත් මධ්‍යස්ථාන කීපයක් වෙත ගොස් එන්නත්කරණ කටයුතු සිදුවන ආකාරය අධීක්ෂණය කිරීමට ද මහ ඇමැති ස්ටාලිං කටයුතු කළේය. ඉන්දියාව මේ වනවිට එරට ජනගහනයෙන් බිලියනයකට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන්ය.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
තමිල්නාඩු මහ ඇමැති බසයකට ගොඩවෙලා
fairoos Monday, 25 October 2021 01:50 PM
ඉන්දියාවේ ,ලංකාවේ කියලා වේ වෙනසක් නැහැ .ඔක්කොම මාධ්‍ය සංදර්ශාන තමා