දකුණු ඉන්දියාවට බලපෑ ‘තේන්’ සුළි කුණාටුවෙන් ප‍්‍රංශ ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් 42 දෙනකු පසුගිය සිකුරාදා (30) වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව තමිල්නාඩු මහ ඇමති ජේ. ජයලලිතාගේ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ කුඩාලෝර් වෙරළ සහ පොන්ඩිචරි අතර පිහිටි වෙරළ කලාපය හරහා පැයට කිලෝමීටර් 140ක වේගයෙන් සුළි සුළඟ පැයක් පුරා හමා ගියේය. දරුණු ලෙස සුළි කුණාටුවෙන් බැට කෑ තමිල්නාඩුවේ පිහිටි කුඩාලෝර් දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. සුළි කුණාටුව බලපෑ ප‍්‍රදේශවල බොහෝ මරණ සිදු වී ඇත්තේ විදුලිය වැදීමෙන් සහ තාප්ප කඩා වැටීමෙනි. තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත‍්‍රික්ක හතරක වගා බිම් අක්කර සිය ගණනක් සුළි කුණාටුවෙන් විනාශයට පත්ව ඇති අතර ධීවර බෝට්ටු 70කට ද හානි සිදු වී තිබේ.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘තේන්’ සුළි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ 42ක් මරුට