මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නත වෙනුවට එක් මාත්‍රාවකින් පමණක් සමන්විත 'ස්පුට්නික් 5' එන්නතක් නිපදවීමට රුසියන් විද්‍යාඥයන් පියවර ගෙන ඇත.
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ රුසියාවේ ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනවය නිපදවූ 'ස්පුට්නික් 5' එන්නත ය.
ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන්, 'ස්පුට්නික් 5' නිපදවා ඇත්තේ මාත්‍රා දෙකක් ලෙසය. වයිරසට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුවය.
මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නමුත්, එය මේ වනවිට රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි.
අතුරුආබාධ අවම එන්නතක් ලෙස ද 'ස්පුට්නික් 5' සැලකෙන අතර, මෙය අපනයනය සිදුවන්නේ රුසියාවේ සෘජු ආයෝජන අරමුදල හරහාය.
මොස්කව්හිදීය (රොයිටර්)
COMMENTS
මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නමුත්, එය මේ වනවිට රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි. බොරු කියන්න එපා... මාත්‍රා දෙකේ එන්නතට ලූකා සෞබ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා ගොඩාක් කල්...!!
ඔය බෙහෙතෙන් කොරෝනා 100%ක් හොඳ වුණත් ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා කිව්වට ඒකේ ඇත්ත නම යුරෝපීය සෞඛ්‍ය සංවිධානය..බෝඩ් එකේ විතරයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා ගහලා තියෙන්නේ. මානව හිමිකම් සංවිධාන වගේ ඒවත් එහෙම්මම තමයි.