
සේවක සේවිකාවන් තනිකඩව හෝ දික්කසාදව හෝ සිටින්නේ නම්, ඔවුන් සියලු දෙනා සේවයෙන් පහ කිරීමට සූදානම් වන සමාගමක් ගැන චීනයෙන් වාර්තා වේ.
තනිකඩ හෝ දික්කසාදව හෝ සිටින තම සේවක සේවිකාවන්ට විවාහ වීම සඳහා සමාගම එලැඹෙන සැප්තැම්බර් මාසය තෙක් කල් දී ඇති බවත්, සැප්තැම්බර් වනවිට විවාහ නොවන්නේ නම්, ඔවුන් සේවය හැර යා යුතු බවත් සමාගම පැහැදිලි කර ඇත.
මෙම අසාමාන්‍ය විදියේ තීරණය ගෙන ඇත්තේ, චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ ‘ෂුන්ටියැං කෙමිකල් සමූහ ව්‍යාපාරය’ නමැති පෞද්ගලික සමාගමය. චීනයේ ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත්පත වාර්තා කර ඇති අන්දමට, ‘ෂුන්ටියැං කෙමිකල්’ සමාගමේ 1,200 දෙනකු සේවය කරයි.
තමන් මෙවැනි තීරණයක් ගත්තේ, තම සේවක සේවිකාවන් සියලු දෙනා හොඳින් රාජකාරී කර පවුලක් වශයෙන් ස්ථාපිත විය යුතු යැයි විශ්වාස කරන නිසා යැයි සමාගමේ ප්‍රධානීහු පැහැදිලි කර ඇත.
ඒ අනුව, දික්කසාද වූවන් ද ඇතුළුව වයස අවුරුදු 28-58 අතර තනිකඩ සේවකයන්ට මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට විවාහ විය යුතු වන අතර, එය කළ නොහැකි නම්, එම සේවක සේවිකාවන්, සාධාරණ ආකාරයට, විවාහ වී තනිකඩව සිටින්නේ ඇයිදැයි පැහැදිලි කරමින් ලිපියක් ඉදිරිපත් කළ යුතු බව ද සමාගම වැඩි දුරටත් පවසා ඇත.
කෙසේ නමුත්, ලැඹෙන ජූනි මාසය වෙද්දී විවාහ වන අයට වෙනුවෙන් විශේෂ ඇගයීමක් කරමින් ඔවුන් ගැන විශේෂ අවදානයක් යොමු කරන බව ද සමාගම පැහැදිලි කර ඇත.
(සවුත් චයිනා මෝනිං පෝස්ට්)
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තනිකඩ නං සේවයෙන් දොට්ට