
ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ.
ඊට අදාළ ගිවිසුමකට ඇමෙරිකන් කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇත. ඇමෙරිකන් කොංග්‍රසයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. කෙවින් මැකාති ද රිපබ්ලිකන් ප්‍රබලයෙකි.
ණය සීමාව ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ජුනි 5 දිනයෙන් පසු භාණ්ඩාගාරය හිස්වනු ඇති බව භාණ්ඩාගාරය මීට පෙර දැනුම් දී තිබුණි.
ඒ අනුව, ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 31.4කින් ණය සීමාව ඉහළ නැංවීම සඳහා ජනාධිපති බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ නායකයා අතර එකගතාව පළවී ඇති බව වාර්තා වේ.
(සී.එන්.එන්.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd