IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ණය සීමාව වැඩි කිරීමේ යෝජනාවට අනුමැතිය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනවට එරට සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ණය සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබූ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.

ණය සීමාව වැඩි කිරීමේ යෝජනාවට සහාය නොදෙන්නැයි ද ඊට විරුද්ධව ඡන්දය පළ කරන්නැයි ද හිටපු ජනාධිපතිවරයා රිපබ්ලිකන්වරුන්ට අවධාරණය කර තිබිණි.

ණය සීමාව තාවකාලිකව හෝ වැඩි නොකළහොත් ඇමෙරිකාව තුළ රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ද ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ධුරයට පත්වූ වසරේ දීම ෆෙඩරල් කටයුතු සියල්ල අකර්මන්‍ය වනු ඇතැයි රාජ්‍ය නිලධාරීන්, ආර්ථික විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් අනතුරු ඇඟවූහ.

මේ තත්ත්වය මධ්‍යයේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් කිහිපදෙනකුගේ සහාය ඇති ව අදාළ යෝජනාව සම්මත කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු දෙනා අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයෝ 11 දෙනෙක් ද එක්වූහ.

අවසාන ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 50ක් ද විරුද්ධව ඡන්ද 48ක් ද ලැබී තිබිණි. ඩිමොක්‍රටික් පක්ෂය යෝජනාවට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය.

අදාළ නව යෝජනාවට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය සීමාව ඇමෙරිකානු ඩොලර් බිලියන 480කින් ඉහළ නැංවේ. ඇමෙරිකාවේ වත්මන් ණය සීමාව මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 28.4ක අගයක පවතී.

‘ද නිව්යෝක් ටයිම්ස්’



අදහස් (0)

ණය සීමාව වැඩි කිරීමේ යෝජනාවට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site