ඇමෙරිකා එක්සත් ජනපද රජය නැවත වරක් අකර්මණ්‍ය වීම වැළැක්වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය එකඟතාවක් ඇති කර ගෙන තිබේ.
එම එකඟතාව අනුව ඇමෙරිකා ජනාධිපතිවරයා ඉල්ලා සිටි පරිදි එක්සත් ජනපදය සහ මෙක්සිකෝවා අතර ඉදි කිරීමට යෝජිත තාප්පයට ඩොලර් බිලියන 5.7 නොලැබෙන බව වාර්තා වේ.
ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ප්‍රාකාරයක් ඉදි කිරීම සඳහා අයවැයෙන් ඩොලර් බිලියන 5.7ක මුදලක් වෙන් කරන්නැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය වසරේදී ඉල්ලා සිටියේය.
එහෙත් එය කළ නොහැක්කක් යැයි ද එලෙස දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම ආචාර ධාර්මික නොවන්නේ යැයි ද ප්‍රකාශ කරමින් ඩිමොක්‍රටික් පක්ෂය අයවැයෙන් දේශසීමා ප්‍රාකාරයට මුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඩිමොක්‍රටික්වරුන්ට බලය හිමි ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී අයවැය සම්මත වුවද ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේය.
එම නිසා ඇමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු අඩකට වැඩි ප්‍රමාණයක් දින 35කට වැඩි කාලයක් මුළුල්ලේ අකර්මණ්‍ය වූ අතර රාජ්‍ය සේවකයන් 800,000කට වැඩි පිරිසකට මාස දෙකකට ආසන්න කාලයක් වැටුප් නොලබා සේවය කිරීමට සිදුවිය.
එම තත්ත්වය නිසා ඇති වූ අර්බුදය දිග්ගැස්සීම වැළැක්වීමට ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය එකඟතාවක් ඇති කරගත් අතර දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවක් ඇති කරගන්නා ලදි. එම සාකච්ඡාවලට කාලය ලබාදීමේ අරමුණින් සති තුනක කාලයක් සඳහා මුදල් වෙන් කළ අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අත්සන් තැබීය. එම සති තුන පෙබරවාරි 15 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව නැවත වරක් රජයේ කටයුතු අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා පක්ෂ දෙක අතර එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වන දේශසීමා ප්‍රාකාරය ඉදි කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.37ක මුදලක් ලැබී තිබේ.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩිමොක්‍රටික් - රිපබ්ලිකන් පක්ෂ දෙක එකඟතාවක