IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ටෝනේඩෝ සුළි කුණාටු 100ක් බිලිගනී

ටෝනේඩෝ සුළි කුණාටු රැසක්, ඇමෙරිකාවේ ප්‍රාන්ත පහක් පුරා හමා යෑමත් සමඟ මහා විනාශය සිදුවිය. සුළි කුණාටුවලට හසුවීමෙන් මියගිය ගණන 100 කට වැඩි බවත්, නිවාස දහස් ගණනක් මුළුමනින්ම විනාශ වූ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකන් කාලගණ විද්‍යාඥයන්ට අනුව, මේ අයුරින් ටෝනේඩෝ පොකුරක් ඇමෙරිකාවට කඩා වැදුණේ, වසර 130 කට පසුවය. ජාතිය අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ සිදුවුණු ව්‍යසනය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත් වුණු බවය.

'මහා ඛේදවාචකයක්. තවමත් අප විනාශයේ තරම හෝ ජීවිත හානි කොපමණ සිදුවුණාදැයි දන්නේ නැහැ. දැනට වාර්තා වන ආකාරයට 100 දෙනකු මියගිහින්. දහස් ගණනකට තුවාලයි' යැයි බයිඩන් පැවැසීය.

ටෝනේඩෝ හමා ගියේ කෙන්ටකි, මිසෝරි, ආකන්සාස්, ටෙනිසී සහ ඉලිනෝයි යන ජනපද හරහාය. විපතට පත්වූවන්ට පිහිට වීමටත්, සුන්බුන් අතරේ සිරවී සිටින පිරිස් මුදා ගැනීමටත් නැෂනල් ගාඩ් හමුදා බලඇණි කැඳවීමට ජනපද ආණ්ඩුකාරවරු කටයුතු කළහ. එ් අනුව, නිවාසවල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ලහි ලහියේ ආරම්භ විය. ටොනේඩෝ සුළි කණාටුවලින් දරුණු ලෙස හානි සිදුවූයේ කන්ටෙකි ජනපදයට යැයි පැවැසෙයි.

කෙන්ටකි නගර රැසක නිවාස, ගොඩනැගිලි, ව්‍යාපාරික ස්ථානවලට සුළි කුණාටුවෙන් සිදුවූයේ මහ විනාශයක් බව කෙන්ටකි ආණ්ඩුකාර ඇබෙෂීර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

සුන්බුන් අතර සිරවුණු පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ වී ඇති බවත්, බිඳ වැටුණු විදුලි බල සැපැයුම් යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් එම ට්විටර් පණිවුඩයේ සඳහන් වී තිබේ. කෙන්ටකි ප්‍රාන්තයේ පමණක් සුළි කුණාටුවෙන් මියගිය ගණන 80 කි. එයින් ද වැඩි දෙනා ඉටිපන්දම් කම්හලක සේවක සේවිකාවන් බව ද පැවැසෙයි.

කෙන්ටකි මේෆීල්ඩ් නුවරට දරුණු හානි සිදුවි ඇති බවත් නිවාස දහස් ගණනින් මුළුමනින්ම බිමට සමතලා වී ඇති අයුරු දකින්න ලැබෙන බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සැඟවී දිවි ගලවා ගැනීමට සමත්වූවන් පවසන්නේ සුළි කුණාටු හිටිහැටියේ පහළ වුණු බවත් බෝම්බ පුපුරනවා මෙන් මහ හඩින් ඒවා ඇදී ආ බවත්ය. කෙන්ටකි ප්‍රාන්තය හරහා ඇදී ගිය ටෝනේඩෝ සුළි කුණාටුවේ වේගය පැයට සැතපුම් 227 කි.

ටෝනාඩෝ කුණාටුවක් යනු විශාල කුණාටු වලාකුළක පහළ මායිමේ සිට භූමිය දෙසට ගිලා බසින, වේගයෙන් කැරකෙන සුළං සහිත, ඇඹරෙන පුනීලයක් බඳු සුළං ප්‍රවාහයකි. ටෝනාඩෝවක් මැද ඇත්තේ අඩු පීඩන සලාවකි. මෙම සලාව මගින් අවට වාතය වේගයෙන් ඒ දෙසට ඇද ගනී.

වේගයෙන් භ්‍රමනය වෙමින් පැයට කි.මී 400-500 ත් අතර වේගයකින් හමා යන ටොනේඩෝ නිවාස මුළුමනින්ම ගලවා දැමීමටත්, මෝටර් රථ, ගොවිපොල සතුන් ආදිය ඉහළට ගසා ගෙන යෑමටත් හැකියාව ලැබේ. ටෝනාඩෝ සුළි කුණාටු සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඇමෙරිකාවය.

(රොයිටර්)



අදහස් (0)

ටෝනේඩෝ සුළි කුණාටු 100ක් බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 449 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 458 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site