
නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පිහිටි ටජ්මහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ජල කාන්දු වීමට පටන් ගෙන ඇත.
මේ වනවිට යමුනා නදිය අසබඩ පිහිටි ටජ්මහල පිහිටි එම උද්‍යානය ද ජලයෙන් යටවී ඇතැයි පැවැසෙයි. අධික වර්ෂාව හේතුවෙන් යමුනා නදිය පිටාර ගලා ඇත.
ටජ්මහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ජලය කාන්දු වුවත්, එයින් ගොඩනැගිල්ලට හානියක් සිදුවී නැතැයි ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය පැහැදිලි කර ඇත.
ටාජ්මහල ඉන්දියාවේ අනන්‍යතාවය. ඉන්දීය සංචාරක කර්මාන්තයේ සංකේතය ලෙස සැලකෙන්නේ ද ටාජ්මහලය. එය ආරක්ෂා කර ගැනීමට ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.