
ලබන 20 වැනිදා ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම්දීම වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ගෘහස්ථව සිදු කිරීමට තීරනය කර ඇත.
ඒ, වොසින්ටන් අගනුවරට බලපා ඇති අයහපත් ශීත කාලගුණය සැලකිල්ලට ගනිමිනි. 1985 වසරේ රොනල්ඩ් රේගන් ගෘහස්ථව දිවුරුම් දීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපතිවරයකු ගෘහස්ථව දිවුරුම් දෙන පළමු අවස්ථාව මෙයයි. රොනල්ඩ් රේගන් ගෘහස්ථව දිවුරුම් දුන්නේ ද එදා පැවැති දැඩි ශීත කාලගුණය හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd