
යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් මුලිනුපුටා දමන බවට ප්‍රතිඥා දී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම සටන්කාමීන් සම්බන්ධයෙන් ඉරානයට අනතුරු ඇගවීමක් කළේය.
හවුති සටන්කාමීන්ට මූල්‍ය සහාය ලබා දෙන්නේත් අවි ආයුධ ලබා දෙන්නේත් ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි.
හවුති සටන්කාමීන් යේමනයේ සිට ඊශ්‍රායලයට මිසයිලවලින් පහර දෙන්නේත්, රතු මුහුදේ බටහිර නැව්වලට පහර දෙන්නේත්, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙන බැවිනි. රතු මුහුදේ ඇමෙරිකන් යුද නැව්වලට පහර දීමට ද හවුති සටන්කාමීහු උත්සාහ ගනිමින් සිටිති.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.