IMG-LOGO

ට්‍රම්ප්ගේ ෆේස්බුක්-ට්විටර් ගිණුම් අත්හිටුවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් සමාගම් පියවර ගෙන ඇත.

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කැරැලි කෝලහාල මධ්‍යයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීමත් ප්‍රචණ්ඩත්වය ඇති කරන ටිව්ටර් පණිවුඩ සහ ෆේස්බුක් සටහන් (පෝස්ට්ස්) නිකුත් කිරීමත් හේතුවෙන් එම සමාගම් එම පියවර ගත්තේ ය.

ට්විටර් සහ ෆේස්බුක් යන ලෝ ප්‍රකට සමාජ ජාල දෙකක් වන අතර තාක්ෂණික ලෝකයේ දැවැන්ත සමාගම් දෙකකි.

“කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී තිබෙනවා” යැයි සඳහන් කරමින් ට්‍රම්ප් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කළේය. ඊට අමතරව ඔහු තවත් ට්විටර් පණිවුඩ දෙකක් නිකුත් කළේය. එම ට්විටර් පණිවුඩ තුනම ජනතාවට නොපෙනෙන ආකාරයෙන් සැඟවීමට ට්විටර් සමාගම පියවර ගත් අතර එම ට්විටර් පණිවුඩ ඉවත් කරන්නැයි ඇමෙරිකානු ජනාධිපතිවරයාට අවධාරණය කළේය.

සිය සමාගමේ ප්‍රතිපත්ති දෙකක් උල්ලංඝණය කිරීම හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට පැය 24ක් යනතුරු ෆේස්බුක් සටහන් තැබීමට ඉඩ නොදෙන බවත් ඔහුගේ ෆේස්බුක් ගිණුම අවහිර කරන බවත් එම සමාගම ඉන් ටික වේලාවකට පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අවහිර කරන්නැයි බල කරමින් ට්‍රම්ප්ට හිතවාදී විරෝධතාකරුවෝ ඇමෙරිකාවේ කොංග්‍රසය පිහිටා ඇති කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණාහ.

ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය 12කට අත්හිටුවීමට එම සමාගම පියවර ගත්තේ එම ට්විටර් පණිවුඩ ඉවත් නොකරන්නේ නම් ගිණුම ඉදිරියටත් අවහිර කරන බව ද එම සමාගම සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් ට -රියල්ඩොනලඩ්ට්‍රම්ප්- යන ට්විටර් ගිණුමෙන් ට්විටර් පණිවුඩ නිකුත් කළ නොහැක.

මේ අතර ජනාධිපති ට්‍රම්ප්ගේ ඉන්ස්ටග්‍රම් ගිණුම ද පැය 24කට අත්හිටුවීමට එම සමාජ ජාල සමාගම පියවර ගෙන තිබිණි.

 

රොයිටර්

(055)



අදහස් (0)

ට්‍රම්ප්ගේ ෆේස්බුක්-ට්විටර් ගිණුම් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 67 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 982 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site