IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට මිසයිල ආරක්ෂක පද්ධතියක්

ඇමෙරිකාවට නව මිසයිල ආරක්ෂක පද්ධතියක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ‘ගෝල්ඩන් ඩෝම්’ නමැති නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳුන්වා දීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය. 

තමන්ගේ සිවු වසරක ධුර කාලය අවසන් වීමට පෙර, මෙම ‘ගෝල්ඩන් ඩෝම්’  මිසයිල ආරක්ෂක පද්ධතිය ස්ථාපිත කෙරෙනු ඇතැයි ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත. 

ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කළේ ආරක්ෂක අංශ ප්‍රධානීන් ද පිරිවරා ගනිමින් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිටය.

ඇමෙරිකාව වර්තමානයේ භාවිතයට ගන්නා මිසයිල ආරක්ෂක පද්ධතිය, යවත්කාලීන කළ යුතු යැයි ඇමෙරිකන් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන් පවසා ඇති අතර, ට්‍රම්ප් ඒ ගැන අවධානය යොමු කළේ පසුගිය ජනවාරියේ ඔහු ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමඟය.

අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, මෙම නව මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 25 ක මුදලක් වැය වනු ඇත. කෙසේ නමුත් එහ වියදම් තවත් ඉහළ යෑමට හැකි බව ද පැවැසෙයි.

අභ්‍යවකාශ ආරක්ෂක කටයුතු සඳහා ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ‘ස්පේස් ෆෝස්’ ආයතනය, මෙම මිසයිල ආරක්ෂක පද්ධතියේ කටයුතු අධීක්ෂණයට යෙදවීමට ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට මිසයිල ආරක්ෂක පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site