IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය.

‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන්’ නමැති මෙම කුඩා නගරයේ පරෙවියන් දස දහස් ගණනක් ජීවත් වන අතර, නගර වැසියන්ට උන් හිසරදයක් වී ඇත්තේ උන්ගේ වසුරු නිසාය. පරෙවි වසුරු පිරිසුදු කිරීම නගරසභා නිලධාරීන්ට පවා හිසරදයක් වී ඇතැයි පැවැසෙයි. වෙළෙඳසැල් අවන්හල් වසුරු නිසා අපවිත්‍ර වී ගොසිනි.

ස්වභාවික සතුරක් නොමැති බැවින්, පරෙවියන් ගහනය පාලනය කිරීමට ද හැකියාවක් නැතැයි ද පැවැසෙයි. එහෙයින්, නගර වැසියන් නගර බලධාරීන්ට දිගින් දිගටම පවසා ඇත්තේ පරෙවියන් මරා දැමීමට ක්‍රමයක් කල්පනා කරන ලෙසය. මේ බව සැලකිල්ලට ගනිමින් පසුගිය ජූනි 20 වැනිදා ජනමත විමසුමක් පැවැත්වුණු අතර, පරෙවියන් මරා දැමීමට නගර වැසියෝ කැමැත්ත පළ කළහ.

නගර බලධාරීන් ඒ අනුව පරෙවියන් මරා දැමීමට සූදානම් වෙද්දී සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට විරෝධය දක්වා අධිකරණය හමුවට ගොස් ඇත. එහෙයින්, ජනමත විමසුට අනුව, ක්‍රියා කිරීමට බාධා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ

Ruwan De Silva Sunday, 23 June 2024 06:27 PM

සිංගප්පූරුවේ ඔය වඩේ කරා... හැබැයි තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක් සිංගප්පූරුව දවසක ස්වාභාව ධර්මය දඬුවම් කරයි.

:       14       27

Lalla Sunday, 23 June 2024 09:17 PM

මොන බයිල කිව්වත් නුවර වැව වටේ කුරුලු වසුරු නිසා විනාශයී. කොයි බොහෝ පාරවල් ඒ වගේමයි. ඒ මදිවට යෝධ කොක්කු වර්ගයක් බේරෙ වැව අවට ජරාව දානවා. බෝම්බ අතාරිනවා වගේ. කුරුලු පාලනය ඉස්සර කොළඹ තිබුනා. දැන් බෞද්ධයො වැඩි වෙලා වනසතුන්ට රට දීල...

:       0       4

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන්ට කොවිඩ්
2024 ජුලි මස 18 1086 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය.


සඳේ ගුහාවක් හමුවෙලා
2024 ජුලි මස 17 2753 1

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි.


අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන
2024 ජුලි මස 17 2803 4

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙ


ඊශ්‍රායල ගුවන් ප්‍රහාර: පැයකදී 48 ක් මියයති
2024 ජුලි මස 17 176 0

ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙකු ජීවි


අතාල්ගේ ඉල්ලා අස්වීම මැක්රොන් බාර ගනී
2024 ජුලි මස 17 117 0

ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සහ ඔහුගේ රජය ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අනුමැතිය හිමිවී තිබේ.


ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
2024 ජුලි මස 17 2760 2

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 128 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 995 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1877 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site