
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වෙසෙන ඉරාක ජාතිකයකු අත් අඩංගුවට ගත් බව එෆ්.බී.අයි සංවිධානය පවසයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු 2020 වසරේදී ඇමෙරිකාවට පැමිණි ෂිහාබ් අහමඩ් ෂිහාබ් නම් 52 හැවිරිදි ඔහායෝ හි පදිංචිකරුවෙකු බවත් ඇමෙරිකාවේ සරණාගත තත්ත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රයක්ද යොමු කර ඇති බව එෆ්.බී.අයි සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.
තමන් කටාරයේ ක්‍රියාත්මක ‘අල්-රේඩ්’ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු බව මිනිසුන් ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු සමග ෂිහාබ් අහමඩ් ප්‍රකාශ කර ඇතැයි එෆ්.බී.අයි සංවිධානය පවසයි.එෆ්.බී.අයි සංවිධානයේ ඔත්තුකරුවකු සමග ඉරාක ජාතිකයන් විශාල සංඛ්‍යාවක් මරා දැමූ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් තමන්ගේ ජීවිතය කැප කරමින් ඝාතනය කිරීමට සුදානම් යැයි ෂිහාබ් අහමඩ් පවසා ඇතැයි එෆ්.බී.අයි සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
ෂිහාබ් අහමඩ් ව්‍යාජ පොලිස් ලාංඡන ලබා ගැනීමට උත්සහ කර ඇති අතර ජාවාරම්කරුවන් මාර්ගයෙන් මෙක්සිකානු දේශ සිමාවේ සිට සටන්කරුවන් ඇමෙරිකාවට ගේනවා ගත හැකිදැයි සහ නැවත මෙක්සිකෝව වෙත යා හැකිදැයි සොයා බලා ඇති බව එෆ්.බී.අයි සංවිධානය නිකුත් කල වාර්තාවේ සඳහන් වේ.තවද මිනිස් ජාවාරම්කරුවෙකු ලෙස පෙනී සිටි තවත් එෆ්.බී.අයි ඔත්තුකරුවෙකුගෙන් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ඇමෙරිකාවට ගෙන්වා ගත හැකි ආකාරය විමසා ඇතැයි පැවැසෙයි.
ෂිහාබ් අහමඩ් නීති විරෝධීව ඇමෙරිකාවට පුද්ගලයෙකු ගෙන්වා ගැනීමට තැත් කිරීමේ වරදට වසර 10 ක්, ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සහ අනුබල දීමේ වරදට වසර 20 ක සිරදඬුවමක් නියම වී තිබෙන බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
(බී.බී.සී )
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජෝර්ජ් බුෂ් ඝාතන තැතක් හෙළිවෙයි