IMG-LOGO

ජපන් මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

ජපාන මහ මැතිවරණයෙන් බලයේ සිටින පාලක 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයට පහසු ජයක් හිමිවිය. ඒ අනුව, මෙම මස මුලදී 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයේ නායකයා ලෙස පත් වූ ෆුමියෝ කිෂිඩා අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ පැහැදිලි ජනවරමක් ද සහිතවය.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ජපානයේ දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටින්නේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයයි.

මැතිවරණයෙන් ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 276 කට වඩා දිනා ගැනීමට සිටින්නේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂය සමත් විය.

බහුතර බලය සඳහා දිනාගත යුතුව තිබුණේ ආසන 233 කි. ඒ අනුව, මෙවර ඔවුන්ට 'කුමෙයිටෝ' පක්ෂය සමඟ සන්ධානගතවීමට පවා අවශ්‍ය නොවන බව ද පැවැසෙයි.

පසුගිය කාලයේ සිටින්නේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂය රජයක් පිහිටුවා තිබුණේ 'කුමෙයිටෝ' පක්ෂය සමඟ හවුල් වෙමිනි. බහුතර බලයක් ද සහිතව මැතිවරණය ජයග්‍රහණය කිරීම දේශපාලන විශ්ලේෂකයන්ගේ පවා මවිතයට හේතුවක් වී තිබේ.

'කොවිඩ් 19' වසංගතය හමුවේ 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයේ ජනප්‍රියත්වය පහළ වැටී ඇත. මීට පෙර 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී' පක්ෂයේ නායකයා ලෙසත් ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ යොෂිහිදේ සූගා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූයේ ද ඔහුට කොරෝනා වසංගතය හමුවේ රට පාලනය කළ නොහැකි බව පෙන්වා දී ඒ ගැන සමාව ඉල්ලීමක් ද කරමිනි.

ඒ අනුව, පක්ෂය අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමෙන් පසු 64 හැවිරිදි කිෂිඩා පක්ෂ නායකත්වයටත් අග්‍රාමාත්‍ය ධුරයටත් පත් විය. ජපානයේ පරිණත දේශපාලනඥයෙකි. 2012 සිට 2017 තෙක් ජපාන විදේශ අමාත්‍ය ධුරය හෙබවූයේ ද මොහුය.

(රොයිටර්)



අදහස් (0)

ජපන් මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site