
ජපානයේ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන්, අන්ත දක්ෂිණාංශික සන්සෙයිටෝ පක්ෂය ඉදිරියට පැමිණීමත් සමඟ ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබාගේ සුළුතර රජයට තර්ජනයක් එල්ල විය.
සාමාජිකයන් 248 දෙනකුගෙන් යුත් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය පවත්වා ගැනීමට ඉෂිබාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආසන 50 ක් දිනා ගත යුතු විය.
එසේ වුවත්, මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එසේ කළ නොහැකි බවය. පහළ මන්ත්‍රී මණ්ඩලයේ බලය ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සතුව නොමැති බව ජපන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අන්ත දක්ෂිණාංශික සන්සෙයිටෝ පක්ෂයට නායකත්වය දෙන්නේ, 47 හැවිරිදි සොහේයි කාමියාය. මොහු හිටපු ඉංග්‍රීසි ගුරුවරයෙකි. ඊට අමතරව, සුපිරි වෙළඳසැල් කළමනාකරුවෙකි.
අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, තම සන්ධානයට බහුතරය අහිමි වුණත, තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අදහස් කරගෙන නොමැති බවය.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සන්ධානගතවී සිටින්නේ, කොමේයිටෝ පක්ෂය සමඟය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය ප්‍රමුණ සන්ධානයට පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතකරය අහිමි වූයේ පසුගිය ඔක්තෝබරයේ පැවැත්වුණු මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙනි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජපන් අගමැති ඉෂිබාගේ සන්ධානය පරදී