
ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය.
අනතුර සිදුවූයේ ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350 වර්ගයේ මගී ගුවන් යානයක්, ගුවන් පථයේ පිටත් වීමට සූදානම් වූ ජපාන වෙරළාරක්ෂක නිලධාරීන්ට අයත් මගී ගුවන් යානයක ගැටීමෙනි.
මගී ගුවන් යානය, රට අභ්‍යන්තර ගුවන් යානයකි. එය හොකයිඩෝ සැපරෝ නුවර සිට හෙනෙඩා ගුවන් තොටුපොළට පැමිණියේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 379 දෙනකු සමඟය.
මගී ගුවන් යානයේ ගැටීමෙන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ගුවන් යානය පිපිරී ගිනි ගත්තේය. මගී ගුවන් යානය ද ගිනි ගත් බව පැවැසෙයි.
වෙරළාරක්ෂක නිලධාරීන්ගේ යානයේ සිටි නිලධාරීන් පස් දෙනා ජීවිතක්ෂයට පත්වූ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ. එම නිලධාරීන්, භූමි කම්පාවෙන් විපතට පත්වුණු වැසියන්ට ආධාර රැගෙන හෙනෙඩා ගුවන් තොටුපොළෙන් පිටත් වීමට සූදානමින් සිට ඇත.
ගුවන්තොටුපොළ බලධාරීන් සහ ගිනි නිවන භටයන් වහා ක්‍රියාත්මක වී මගී ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු සියලු දෙනා බේරාගත් බවත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවත් ජපන් මාධ්‍ය පැවැසීය.
අනතුරින් පසු හෙනෙඩා ගුවන් තොටුපොළේ සියලු ගුවන් පථ වසා දැමුණු අතර, ගුවන් තොටුපොළට පැණෙන්න වූ සියලු ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවුණි.
අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.
Daily Mail
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා