IMG-LOGO

ජනපති-හමුදාපති සාකච්ඡා

රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන්, පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි සහ එරට හමුදාපති අෆ්තාක් කයානී අතර මුහුණට මුහුණ හමුවක් පෙරේදා (14) පැවැත්විණි.. පාකිස්තාන ජනපති දුර්වල පාලකයකු යැයි පාකිස්තාන හමුදාව චෝදනා කරයි. ඔවුන් තරයේ කියා සිටින්නේ ජනපති සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු බවය. එම හේතුව නිසා ජනාධිපති සර්දාරි මෙන්ම පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානි ද බිය පළ කරනුයේ යළිත් වරක් පාකිස්තානයේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවේවි කියාය. ජනපතිවරයා සහ හමුදාපති කයානී අතර හමුවක් පැවැත්වූයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටය. හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවේවි යන බිය නිසා ජනාධිපති සර්දාරි මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකා හමුදාවෙන් උදවු ඉල්ලා සන්දේශයක් යැවීය. හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වුව හොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමට ඇමෙරිකා හමුදාවේ සහාය පතන බව එම සන්දේශයෙහි සඳහන් විය. ජනාධිපතිවරයා එම සන්දේශය ඇමෙරිකා හමුදා ප‍්‍රධානීන්ට යැවුවේ එවකට ඇමෙරිකාවේ සිටි පාකිස්තාන තානාපති හුසේන් හක්කානීගේ මාර්ගයෙනි. ඒ පිළිබඳ අනාවරණය වීමත් සමඟ හක්කානී තානාපති ධුරයෙන් ද ඉවත් විය. එම සිද්ධිය පාකිස්තාන හමුදාවේ දැඩි විරෝධයට හේතු විය. පාකිස්තාන ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ලූතිනන් ජනරාල් නයීම් කලීඞ් ලෝඞීගේ මාර්ගයෙන් පාකිස්තාන හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය ලවා එම සන්දේශය සම්බන්ධ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කළේය. ඒ සම්බන්ධ නඩු විභාගය ද මේ වනවිට පැවැත්වෙයි. එහෙත් අයථා අන්දමින් හා නීති විරෝධී ලෙස කි‍්‍රයා කිරීමත් එසේ කටයුතු කිරීමේදී රජයත් අධිකරණ පද්ධතියත් හමුදාවත් අතර අනවබෝධයක් ඇතිවීමත් යන චෝදනා මත ආරක්ෂක ලේකම්වරයා සිය තනතුරින් නෙරපා දැමීමට අගමැති ගිලානී මීට දින කිහිපයකට පෙර කටයුතු කළේය. පාකිස්තාන රජයේ අවසරයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් පැවැත්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පාකිස්තාන රජය චෝදනා කරයි. සිවිල් රජයක් පවතින පාකිස්තානයේ හමුදා කටයුතු සම්බන්ධ වගකීම් රැසක් බාරව සිටින ජේෂ්ඨතම සිවිල් නිලධාරියා ද ආරක්ෂක ලේකම්වරයාය. එපමණක් නොව පාකිස්තාන හමුදාවේ ප‍්‍රධානතම උපදේශකයා වන්නේද ඔහුය. මේ අතර යළිත් වරක් හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුවහොත් එය වැළැක්වීමට බි‍්‍රතාන්‍යයේ සහාය තමන් අපේක්ෂා කරන බව පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානී ඉකුත් සිකුරාදා (13 වැනිදා) හදිසියේම ඉස්ලාමාබාද් නුවර බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇඩම් තොම්සන්ට අමතමින් ඉල්ලීමක් කළේය. බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසන අන්දමට පාකිස්තාන අගමැතිවරයා බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා සමඟ කතාබහ කර ඇත්තේ ඉතා කනස්සල්ලෙනි. පාකිස්තාන අගමැතිවරයා හදිසියේම බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ඇමැතුමක් ගත් බව පාකිස්තාන අගමැති කාර්යාලයේ නම හෙළි කිරීමට අකමැති නිලධාරීන් කිහිප දෙනකු ද සනාථ කොට ඇත. පාකිස්තාන හමුදාව කුමන්ත‍්‍රණයක් සිදු නොකළහොත්  ශ්‍රේෂ්ඨාධිකරණය හරහා සිවිල් නායකයන් නෙරපා දැමීමට පියවරක් ගනීවි යැයි තමා සැක කරන බව ද අගමැති ගිලානි එම අවස්ථාවේදී පවසා ඇත. වසර 64 ක් තරම් කෙටි ඉතිහාසයක් ඇති පාකිස්තානයේ හමුදා කුමන්ත‍්‍රණ මගින් ආණ්ඩු පෙරළීම් තුනක් සිදුවිය. අවසන් වරට හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවූයේ 1999 වසරේදීය. එවකට හමුදාපතිව සිටි පර්වේස් මුෂාරෆ් පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වූයේ ඉන් පසුවය.



අදහස් (0)

ජනපති-හමුදාපති සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 127 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site