
ඇල්ජීරියාවේ ජනමත විචාරණය අද (01) ආරම්භ විය. මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ එරට ජනාධිපති අබ්දෙල්මජීඩ් ටෙබ්බෝන් ජර්මනියේ රෝහල්ගතව සිටියදී ය.
තමාගේ පුද්ගලික සහායකයින් කිහිපදෙනකුට කොරෝනා ආසාදනයවූ බව පවසමින් මීට සතියකට පමණ පෙර සිට ටෙබ්බෝන් මහතා රෝහල්ගතව සිටියි.
ජනපති ටෙබ්බෝන් සහ ඔහුගේ බලවත් හමුදාව විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධව ජනතාව තුළ ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් ජනමතවිචාරණයක් පැවැත්වීමට තීරණය විය.
මෙම ජනමතවිචාරණය ටෙබ්බෝන්ට මෙන්ම විපක්ෂයේ "හිරාක්" විරෝධතා ව්‍යාපාරයට ද තම ශක්තිය පෙන්වීම සඳහා අවස්ථාවක් බව විචාරකයෝ පවසති. හිරාක් විරෝධතාකරුවන් සම්පූර්ණ වෙනසක් ඉල්ලා උද්ඝෝෂණ කළ අතර ඡන්දය ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවුවද කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග මධ්‍යයේ මැතිවරණය පවත්වනු ලැබූ අතර පෙරවරුවේ ඡන්ද ප්‍රකාශ කිරීමට එතරම් උනන්දුවක් නොතිබිණි.
ජනාධිපතිවරයා රෝහල්ගතවීම, ඔහුගේ ජනප්‍රියත්වය ඉහල දැමීම සඳහා උපායමාර්ගයක් බව බොහෝදෙනාගේ මතයයි.
රොයිටර් පුවත් ඇසුරිණි
085
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනාධිපති රෝහල්ගතව සිටියදී ඇල්ජීරියාවේ ඡන්දය ඇරඹෙයි