IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ජගත් සංවිධානයට එක්වෙන්න තායිවානයට අයිතියක් නෑ

තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් විය යුතු බවත් ඒ සම්බන්ධයෙන්, තමන්ගේ සහාය තායිවානයට හිමිවනු ඇති බවත් ඇමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමඟ චීනයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් වීමට තායිවානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය පෙන්වා දී ඇත.

තායිවානය යනු චීනය අසල දූපත් රාජ්‍යයකි. වර්තමානයේ වෙනම පාලනයක් පැවැතියත් චීනය තවමත් විශ්වාස කරන්නේ තායිවානය චීනයේ කොටසක් බවය. තායිවානය චීනයට යළි එක් කර ගැනීමට ද චීන රජය බලාපොරොත්තු වෙයි.

අතීතයේ, එනම් 1971 ඔක්තෝබර් 25 වැනිදා වනතුරු තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරහා නියෝජනය කරන්න වූයේ චීනයයි. 1949 වසරේ සිවිල් යුද්ධය සහ දේශපාලනික වශයෙන් සිදුවුණු බෙදීම මුල්කොට ගනිමින් තායිවානය හුදෙකලා විය. ඒ සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති සබඳතා ද බිඳ වැටුණි. ඉන්පසු අවස්ථා ගණනාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධ වීමට තායිවාන බලධාරීන් උත්සාහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක විය.

'එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වන්නේ ස්වෛරී රාජ්‍යයන් පමණයි. තායිවානය ස්වෛරී රාජ්‍යයක් නොවෙයි. තායිවානය අයිති චීනයටයි. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ඉල්ලන්න තායිවානයට කිසිදු අයිතියක් නැහැ' යැයි චීනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

'තායිවානය චීනයෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ලොවෙන් හුදෙකලා වී තිබෙනවා. තායිවානය විදෙස් සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් චීනය දක්වන්නේ දැඩි විරෝධයක්. තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් වුවහොත් එය දේශපාලනික වශයෙන් සිදුවන ක්‍රියාදාමයක් නොවනු ඇත. ඒ නිසා ඇමෙරිකාව සෙසු එක්සත් ජාතීන්ගේ සාමාජිකන රටවලින් ද ඉල්ලා සිටිනවා තායිවානය වෙනුවෙන් සහාය පළ කරන්න.'' යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අවධාරණය කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ජගත් සංවිධානයට එක්වෙන්න තායිවානයට අයිතියක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site