IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජගත් යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාවක්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනුණි.

ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් මියයෑම සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වුණු අතර රටවල් 153 ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

සම්මත කර ගැණුනේ ‘නොබැඳි’ යෝජනාවක් බැවින්, ගාසා තීරයට පහර දීම නවත්වන්නැයි ඊහ්‍රායලට බලපෑමක් එල්ල නොවුණත්, ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, රටවල් බහුතරයකගේ එකතුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවක් සම්මත වුණු පළමු අවස්ථාව මෙයයි.

යෝජනාවට ඇමෙරිකාව ද ඇතුළු, ඊශ්‍රායලයට සහාය දක්වන රටවල් 10 ක් විරෝධය දැක්වීය. ඒ, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි. රටවල් 23 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

ආජන්ටිනාව, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය සහ එක්සත් රාජධානිය එම රටවල් අතරේ සිටින අතර, මානුෂීය සටන් විරාමයක් ඉල්ලා, ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 153 අතරේ ශ්‍රී ලංකාව ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.



අදහස් (4)

ජගත් යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Ariyathilaka Thursday, 14 December 2023 09:19 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැහැදිලි ඉලක්ක නැති, හිස් පඹයෙක් වැනිය. හමාස් සංවිධානයට බටහිර ඉවුර පාලනයට ඉඩ දී ඊශ්‍රායලය අනතුරේ හෙළනම් කුමක් ද? කළේ. හිස් වචන හිස් වගන්ති, හිස් යෝජනා, හිස් සම්මත කිරීම්, හමාස් සංවිධානයට බටහිර ඉවුරෙහි නැවත බලවත් වීම,බලවත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ ද? යේමනයෙහි ද ඇති තත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසි අවධානයට ගන්නේ ද? රතු මුහුදෙහි අන්තර් ජාතික මුහුද, යේමන් හවුදි කැරළිකරුවන් විසින් තර්ජනයට ලක් කර ඇත. යේමනය ආගමික ත්‍රස්තවාදීන්ගේ ගර්භාෂයක් වැනිය. ත්‍රස්තවාදය රාජය පාලනයට අවතීර්ණ වීමට ඉඩ හැර ලෝකය අනතුරේ හෙළීම දක්වා වර්ධනය වනකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඩ ය. මුල්ලිම් අන්තවාදී ආගමික ත්‍රස්තවාදය අතිශයින් භීෂණකාරී වන්නේ එය1.පැතිරීමේ වේගය. 2.එයට මුස්ලිම් රාජ්‍ය තුලින් ලැබෙන අඩු වැඩි වශයෙන් ලැබෙන මූල්‍ය ආධාර 3. යුද්ධෝපකරණ ලබා දීම, ඇතැම් මුස්ලිම් රාජ්‍යයන් සහ මුස්ලිම් නොවන ඇතැම් රාජ්‍යයන් විසින් රහසිගතව යුද අවි සැපයීම.(මෙහිදී ඇතැම් රාජ්‍ය යුද අවි විකිණීමෙන් මහත් වූ ආදායම් ලබන බැවින් ත්‍රස්ත සංවිධානයන්ට රාජ්‍ය තාන්ත්‍රක භාවයෙන් පිට අවි ජාවාරම් කරත්.

:       0       0

Ariyathilaka Thursday, 14 December 2023 09:20 AM

මෙහිදී රාජ්‍යයන්ට නීතියානුකූලව විකුණන අවි ආයුධ, ඇතැම් රාජ්‍ය විසින් ආගමික ත්‍රස්ත කල්ලිවලට (අවි ආයුධ) ලබා දීම. . 4. යුධ පුහුණුව ලබා දීම 5. අධාර මුදල් ලබා ගනීමට අවස්ථාව සලසා දීම. 6.අන්තර් ජාතික වශයෙන් ව්‍යාප්තව පැවතීම. සහ එසේ පැවත්වීමට සියලු ආකාරයේ උත්සාහයන් ගැනීම. 7. අනාගතයෙහි මෙහි භයානක ප්‍රති විපාක බොහෝ රාජ්‍යයන් විසින් අවබෝධ කර නො ගැනීම සහ ඒ පිළිබඳ අඩු සැළකිලිමත් බව. යන කාරණා විශේෂයෙන් හේතු මත ය. තවත් හේතු තිබිය හැක. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇති, අන්තර් ජාතික ත්‍රස්ත සංවිධාන නාම ලේඛණය විමසා බැලීමේදී, බහුතර ත්‍රස්ත සංවිධාන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන බව පෙනී යනවා ඇත. එකසත් ජාතීන්ගේ සංවිධානයට මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට සැබෑ උවමනාවක් තිබේද? ත්‍රස්තකල්ලි විසින් රටක රාජ්‍ය පාලනය බලහත්කාරයෙන් ඩැහැ ගෙන, එම රටේ පාලනය ත්‍රස්තවාදයට ඕනෑ ලෙස ත්‍රස්තවාදීන් බිහි කරන ගර්භාෂයක් බවට පත් කරනකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, කිසිත් නො කර නිහඩව සිටීම යුක්ති සහගත ද? ගාසා තීරයේ, හමාස් සටන්කාමීන් විසින් සකස් කළ උමං පද්ධති මේ සම්බන්ධව සාක්ෂි නො දරන්නේ ද

:       0       0

Ariyathilaka Thursday, 14 December 2023 09:22 AM

යහපත රාජ්‍ය පාලනයකට, රාජ්‍යයක ආරක්ෂාවට කිලෝමීටර් ගණන් භූගත උමං පද්ධති අවශ්‍යශ නැත. හොඳයි! රාජ්‍යයක ආරක්ෂාවට භූගත උමං පද්ධති ඇති කළායැයි සිතමු. ගාසා තීරයේ භූගත උමං ජාලය භාවිතා කළේ යහපත් රාජ්‍ය පාලනයකට ද? හමාස් සංවිධානය විසින් එය ගොඩ නගන ලද්දේ සහ භාවිතා කර ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ය. අන්තවාදී ත්‍රස්ත්වාදය ව්‍යාප්ත කිරීමට ගර්භාෂයක් ඇති කීරීම සඳහා ය. ගාසා තීරයෙහි, මේ ආකාර බරපතල ලෙස ත්‍රස්තවාය ව්‍යාප්තියට “ත්‍රස්ත්වාදී ගර්භාෂයක්” ඇතිවන තෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගකීමෙන්, ලෝක සාමය උදෙසා ක්‍රියා නො කළේ මන්ද? එපමණක් ද? මේ වන විට යේමනයේ හවුදි කැරළි කරුවන් කරලියට පැමිණ, ඔවුන්ගේ ශිප්ප රඟ දක්වමින් සිටිත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේවන තෙක් යේමනයේ ත්‍රස්ත ක්‍රියා ගැන සොයා බැලුවා ද? හවුදි කැරළිකරුවන්ගේ බලවත් වීම, ආයුධ සංනද්ධභාවයෙන් බලවත් වීම පිළිබඳව සොයා බැලුවා ද? එය මැඩ පැවැත් වීමටගත් ක්‍රියා මාර්ග කවරේ ද? ඒ සඳහා කිසිත් කළ බවක් අපට නො පෙනේ. අවසානයේ ත්‍රස්ත ක්‍රියා මැඩ වැවැත් වීමට ගන්නා ක්‍රියා මාර්ග හැකිළ වීමට යෝජනා සම්මුති ගෙන ඒමෙන් පමණක් ලෝක සාමය ඇති කිරීමට හැකියැයි සිතනවා නම්

:       0       0

Ariyathilaka Thursday, 14 December 2023 09:23 AM

එය “ මානව අයිතිවාසිකම් දැවටූ සුන්දර හිතළුවක්” පමණක් වනවා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site